විදුලි බිල සංශෝධන පනත් කෙටුම්පත ගැන අධිකරණයෙන් නිවේදනයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජිත විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒවා සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විදුලිබල ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශ්ව 7ක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කර ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව කතානායකවරයාට ලබා දෙන බව නිවේදනය කළා.

ඒ. එච්. එම්. ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය අවසන් කරනු ලැබුවා.

මෙම පෙත්සම් විභාගයටගත් අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පත තුළින් විදුලිබල මණ්ඩලය සමාගමක් බවට පත්වන බවට පැහැදිලිව දක්වා ඇතැයි කියා සිටියා.

එහි කොටස් භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ පාලනය වන බව දක්වා ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ජලය මගින් උත්පාදනය කරන විදුලිය පාලනය කරන ආකාරය එම පනත් කෙටුම්පත තුළින් පැහැදිලිව සඳහන් කර නොමැති බවද දන්වා සිටියා.

මේ තුළින් ජල විදුලිය පාලනය කිරීමේ බලය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අනතුරු ඇඟවූවා.

යෝජිත පනත් කෙටුම්පත තුළින් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා දක්වා නොමැති බව ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඔහු තවදුරටත් කියා සිටියේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විදුලිබල මණ්ඩලයේ සේවයෙන් ඉවත් කෙරෙන සේවකයන් සම්බන්ධයෙන් වන්දි ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව සඳහන් කළ ද, එය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලිව දක්වා නොමැති බවයි.

මෙම පනත යටතේ පිහිටුවීමට යෝජිත සමාගම පාලනය කරන අධ්‍යක්ෂවරුන්ගේ සුදුසුකම් මොනවා දැයි? මෙම පනත් කෙටුම්පතේ විස්තරකර නොමැති අතර, ප්‍රධාන විධායක නිලධාරියා වාණිජ නීතිය පිළිබඳව විශේෂඥයෙකු විය යුතු බව පමණක් දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

යෝජිත පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14