විදුලි ගාස්තු අඩුවෙන්නේ රුපියලකින්?

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව තමන් වෙත ලැබුණු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් එම යෝජනාව එවා තිබූ බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා විදුලි බල පනතේ හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන අනුව කොමිෂන් සභාව විසින් මෙම ගාස්තු සංශෝධන යෝජනාව පිළිබද පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

මෙම වසරේදී විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 23ක අතිරික්තයක් අපේක්ෂා කරන අතර සමස්ත ගාස්තු 3.34%කින් අඩු කිරීමට යෝජනා කර ඇති බව සඳහන්.

පෙබරවාරි මස පළමු වනදා සිට විදුලි ගාස්තු අඩු කිරීමටයි විදුලි බල මණ්ඩලයේ අරමුණ වී ඇත්තේ.

ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාවලියට විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමග එය මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ, ගෘහස්ථ විදුලි සබඳතා කාණ්ඩය යටතේ මසකට ඒකක 0 සිට 30 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 12ක ගාස්තුව රුපියල් 11ක් දක්වා රුපියලකින් අඩු කිරීමටයි.

ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 165 දක්වා රුපියල් 15කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

එම කාණ්ඩයේම මසකට ඒකක 31 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 27.50 දක්වා රුපියල් 02.50 කින් අඩු කිරීමටත්, ඊට අදාළව මෙතෙක් රුපියල් 360ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 330 දක්වා රුපියල් 30 කින් අඩු කිරීමටත් යෝජිතයි.

ගෘහස්ථ කා ය යටතේම මසකට කිලෝවොට් පැය 60ට වඩා විදුලිය පරිභෝජනය කරන පිරිස් සඳහා ද විදුලිය ගාස්තු අඩු කිරීමක් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, මසකට ඒකක 0 සිට 60 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 38ක ගාස්තුව රුපියල් 37 දක්වා රුපියලකින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි සඳහන්.

ඒකක 61 සිට 90 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 41 සිට රුපියල් 39 දක්වා රුපියල් 02 කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 455 දක්වා රුපියල් 25කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒකක 91 සිට 120 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 59 සිට රුපියල් 56 දක්වා රුපියල් 03කින් අඩු කිරීමටත්, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 1,180 සිට රුපියල් 1,120 දක්වා රුපියල් 60කින් අඩු කිරීමටත් යෝජිතයි.

ඒකක 121 සිට 180 දක්වා අය දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 59ක ගාස්තුව රුපියල් 57 දක්වා රුපියල් 02කින් අඩු කිරීමටත්, ඊට අදාළව රුපියල් 1,770ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 1,700 දක්වා රුපියල් 70කින් අඩු කිරීමටත් යෝජනා කර තිබෙනවා.

මේ අතර, ආගමික සහ පුණ්‍යායතන කාණ්ඩය යටතේ මසකට ඒකක 0 සිට 30 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 12ක ගාස්තුව රුපියල් 11 දක්වා රුපියලකින් සහ ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට රුපියල් 165 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටත් යෝජිතයි.

එමෙන්ම, ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ, අනෙකුත් පාරිභෝගික කාණ්ඩ යටතේ ගැනෙන කර්මාන්ත සහ හෝටල් සඳහා ද විදුලිය ගාස්තු අඩු කිරීමටයි.

ඒ අනුව, කර්මාන්ත කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට අඩුවෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 20ක ගාස්තුව රුපියල් 19.25 දක්වා ශත 75කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 340 සිට රුපියල් 325 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටත් යෝජනා කර තිබෙනවා.

කර්මාන්ත කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට වැඩියෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 28ක ගාස්තුව රුපියල් 26.75 දක්වා රුපියලයි ශත 25කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 1,120 සිට රුපියල් 1,070 දක්වා රුපියල් 50කින් අඩු කිරීමටත් යෝජිතයි.

හෝටල් කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට අඩුවෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 20ක ගාස්තුව රුපියල් 19.25 දක්වා ශත 75 කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 340 සිට රුපියල් 325 දක්වා රුපියල් 15 කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

Electricity1
Electricity2
Electricity3
Electricity4
Electricity5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11