විදුලි ගාස්තුවට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව විදුලි ගාස්තු සංශෝධනය කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා දුන් තීන්දුවක් බලරහිත කරන ලෙස ඉල්ලා විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ පෙත්සම මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී අභියාචනා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

එම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සමින් සඳහන් කර තිබෙන්නේ පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් දා ගත් තීරණය නීතියට පටහැනි බවයි.

එවැනි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම තීරණය හරහා අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමේ බලතල කප්පාදු කිරීමක් සිදුකර ඇති බව ද එම අභියාචනා පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව තමන් විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි යැයි තීන්දු කර එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42