spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්, සංවර්ධන නියෝජිත ආයතන සමග අද (06) පවත්වා තිබෙනවා.

නව විදුලිබල පනත් කෙටුම්පත, නීති කෙටුම්පත් කාර්යාලය වෙත අවශ්‍ය අවසරයන් සඳහා ඉදිරිපත් කර ඇති අතර නීතිපතිවරයාගේ අනුමැතිය ලද විගස එය කැබිනට් මණ්ඩලය වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කළේ.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යාලය මගින් සංවර්ධන නියෝජිත ආයතන සමග සාකච්ඡා කර අවශ්‍ය තාක්ෂණික සහ මුල්‍ය සහය ලබාගනිමින් ඉදිරි සැලසුම සහ නව පනතේ විදිවිධාන ක්‍රියාත්මක කරනු ඇති

මෙම සාකච්ඡාව සදහා ආසියානු සංවර්ධන බැංකුවේ, ලෝක බැංකුවේ (ADB), ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ (JICA), එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනයේ (USAID) සහ ජාත්‍යන්තර මූල්‍ය සංගමයේ (IFC) මෙරට ප්‍රධාන නියෝජිතයන්, අධ්‍යක්ෂවරුන්, මෙහෙයුම් ප්‍රධානීන්, උසස් නිළධාරීන් සහ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහභාගි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?