spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිබල මණ්ඩලයේ බඳවා ගැනීම් ගැන ඇමති ඇමති වාර්තාවක් කැඳවයි

මාණ්ඩලික ණය සහ පිය පුතු සම්බන්ධය මත රැකියා ලබාදීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සිදුවී ඇති අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය කාංචන විජේසේකර මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපිය මගින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ විදුලිබල මණ්ඩලය විසින් සේවකයන්ට ලබාදෙන ණය පොලී අනුපාත සහ ඒ සඳහා එම ආයතනය බැංකුවලින් ලබාගත් ණයවල පරස්පරතාවයක් තමන් නිරීක්ෂණය කළ බවයි.

බඳවා ගැනීම් අත්හිටුවා ඇති අවස්ථාවක විදුලිබල මණ්ඩලයේ පිය පුතු සම්බන්ධය මත සේවකයන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඒ අනුව, මාණ්ඩලික ණය යෝජනා ක්‍රමයේ ආරම්භයේ සිට නිකුත් කර ඇති ණය සහ පිය-පුතු සබඳතාව මත බඳවා ගත් සේවක ලැයිස්තුව පිළිබඳ වාර්තාවක් ද කැඳවීමටයි අමාත්‍යවරයා පියවර ගෙන ඇත්තේ.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වන තුරු අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව නව සේවකයින් බඳවා නොගන්නා ලෙසද අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

5E3C76A2 631F 4F64 8533 53B19D7141B5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?