වැලිගම වෙඩි තැබීම සම්බන්ධයෙන් නෙවිල් සිල්වා අත්අඩංගුවට නොගැනීමේ තීරණය දීර්ඝ කරයි

වැලිගම වෙඩිතැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය ගත් තීරණය දීර්ඝ කර තිබෙනවා.

මාතර, වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් CCD හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ඇති කරගෙන තිබෙන එකඟතාව නීතිපතිවරයාගේ විරෝධතාවට යටත්ව අප්‍රේල් මස 28 වැනිදා දක්වා දීර්ඝ කරන බව අභියාචනාධිකරණය අද (26) නිවේදනය කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් 8 දෙනකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ පෙත්සමේ පෙත්සම්කරුවෝ වශයෙන් වන කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලම් සිල්වා ඇතුළු නිලධාරීන් 6 දෙනකු මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට තමන්ට අවශ්‍ය නොවන බවත් ඒවා ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා සහ ජගත් නිශාන්ත යන පෙත්සම්කරුවන්ගේ පෙත්සම් වැඩිදුර ලේඛන ඉදිරිපත් කොට තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය දැඩි විරෝධය පළ කළ අතර මෙම පෙත්සමට ඇතුළත්ව සිටි පෙත්සම්කරුවන් හය දෙනෙකු ඒවා මේ වනවිටත් ඉවත් කරගෙන ඇති නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට තර්ක කළා.

එමෙන්ම මෙම නඩුකරයට පාදක වන මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ පූර්ණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවට පෙත්සම්කරුවන් මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණත් එය මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත් ඒ අනුව පෙත්සම්කරුවන් කරුණු වසන් කිරීමක් සිදුකර ඇති බවත් ඇය ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව අධිකරණය හමුවේ විධිමත් පෙත්සමක් නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාතර නඩු වාර්තාව ලබා ගැනීමේ ප්‍රමාදයක් හටගත් බවත් එම තොරතුරු සම්පූර්ණ ලේඛන ඉදිරිපත් කර කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලුවා.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අප්‍රේල් මස 28 වැනිදා කැඳවන ලෙස අධිකරණය නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30