spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිකඩ පොලිසියේ නිලධාරීන් යළි රිමාන්ඩ්

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය ආර්. රාජ් කුමාරි නැමති දෙදරු මව මියයාමේ සිද්ධියට අදාළව වැලිකඩ පොලිසියේ සේවය කළ නිලධාරීන් 4 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා නියෝග කළේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුලු සැකකරුවන් 4 දෙනා ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

සුධර්මා නෙත්තිකුමාර නැමැත්තියගේ නිවසේ සිදු වූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙනුයි ආර්. රාජ් කුමාරි නැමති කාන්තාව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ.

මෙම සිද්ධියට අදාළව කඩිනමින් විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?