වැල්ලම්පිටියේදී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කෙරේ

වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවය. 

මාස කිහිපයක සිට වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේ නිවෙස්වලට පැමිණ රන් මාල කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය අද (4) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පුද්ගලයින් හතර දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් මගින් මෙම කොල්ලකෑම සිදුකරන බවට අනාවරණ වී ඇති බවත් ඒ අතරින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු දැක්වූ විරෝධතාව මත ඔහුගේ පාදයකට වෙඩි තැබීමට සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

රන්මාල කොල්ලකෑම් 4කට මොහු සම්බන්ධ බවත් මෙම කල්ලියේ අනෙක් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03