වාහන එකලස් කිරීමට හැර වෙනත් කිසිදු ආකාරයකින් මෙරටට වාහන ආනයනය කිරීමට මෙතෙක් අවසර ලබා දී නොමැති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එන්ජින් ධාරිතාව 1000CC ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බව සඳහන් කරමින් පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
ආදායම් බදු ඉහළ නංවාගැනීමේ අරමුණින් එන්ජින් ධාරිතාව 1000CC ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බව සඳහන් විවිධ වාර්තා පලවීමත් අප ඒ සම්බන්ධයෙන් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් විමසීමක් කළා.
මේ අතර ලියාපදිංචි මෝටර්රථ අලෙවිකරුවන් වැට් වැඩිවීම පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.














Wahana gennannange sangame 4n nombarayak nedda mun minissunge salli hora kanawa