spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් දැනුම්දීමක්

බලපත්‍රලාභී බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, මේ වසරේ ජූනි මස 30 දක්වා කාලය තුළ සිය කොටස් ආපසු මිලදී ගැනීම් සහ අත්‍යවශ්‍ය නොවන වියදම් සිදු කිරීමෙන් වැළකී සිටින ලෙසටයි.

එමෙන්ම ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේදී ඉතා විචක්ෂණශීලීව සහ නිසි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවටද බලපත්‍රලාභී බැංකු සඳහා දැනුම්දීමක් සිදුකරනවා.

අදාළ බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම, ලාභ මෙරටින් බැහැර කිරීම, කළමනාකාරීත්වය සඳහා ගෙවන දීමනා වැඩි කිරීම මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල වෙත කරන ගෙවීම් ඉහළ නැංවීමද සීමා කිරීමට මහ බැංකුව පසුගිය වසර අවසානයේ තීරණය කරනු ලැබුවා. පවතින අභියෝගාත්මක වාතාවරණය හමුවේ බැංකුවල වත්කම් වර්ධනය, ව්‍යාපාර පුළුල් කිරීම සහ කොවිඩ් 19 ව්‍යවසනය නිසා වන බලපෑම ආදිය පිළිබඳව සැලකිලිමත් වන ලෙසද මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම්දීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?