වසර 109කට පසු හෙන්රි පේද්‍රිස්ට ජනපති සමාව

යටත්විජිත යුධ අධිකරණයේ තීන්දුවක් මත වසර 109කට පෙර අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව මරණයට පත් කරනු ලැබූ දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට සමාව පිරිනැමීම සඳහා ජනාධිපතිවරයා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරළි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් යුද අධිකරණයක් හමුවට පමුණුවා, රාජද්‍රෝහී චෝදනාවට වරදකරු කොට, එවකට 27 වියැති දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915-07-07 දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඩුවමට ලක් කරනු ලැබුවා.

එලෙස මිය ගිය හෙන්රි පේද්‍රිස් මහතාගේ දේහය, යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවෙකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින්, හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය කර තිබෙනවා.

ඔහුගේ ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිදුකරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගනු ලැබුවා.

එහිදී අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව 1915-07-07 දින නීතිවිරෝධී අයුරින් මරණයට පත් කරනු ලැබූ දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව පිරිනමන ලද බවට නිකුත් කරන ලද අංක 2401/23 දරණ 2024-09-12 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.

ඒ, අනුවයි ජනාධිපතිවරයා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05