AFC Banner
Empty Ad
Empty Ad

වසර 109කට පසු හෙන්රි පේද්‍රිස්ට ජනපති සමාව

යටත්විජිත යුධ අධිකරණයේ තීන්දුවක් මත වසර 109කට පෙර අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව මරණයට පත් කරනු ලැබූ දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට සමාව පිරිනැමීම සඳහා ජනාධිපතිවරයා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරළි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් යුද අධිකරණයක් හමුවට පමුණුවා, රාජද්‍රෝහී චෝදනාවට වරදකරු කොට, එවකට 27 වියැති දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915-07-07 දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඩුවමට ලක් කරනු ලැබුවා.

එලෙස මිය ගිය හෙන්රි පේද්‍රිස් මහතාගේ දේහය, යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවෙකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින්, හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය කර තිබෙනවා.

ඔහුගේ ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිදුකරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගනු ලැබුවා.

එහිදී අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව 1915-07-07 දින නීතිවිරෝධී අයුරින් මරණයට පත් කරනු ලැබූ දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව පිරිනමන ලද බවට නිකුත් කරන ලද අංක 2401/23 දරණ 2024-09-12 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.

ඒ, අනුවයි ජනාධිපතිවරයා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. කවින්ද ජයවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව ඔහුගේම - පාක්ෂිකයෙක් මුල්වරට කට අරී #sajithpremadasa
01:50
Video thumbnail
රනිල් කාවින්ද ජයවර්ධනට දුන්න වටිනාම උපදෙස #ranilwickremesinghe
02:21
Video thumbnail
මට තාත්තා කිව්වේ වෛද්‍යවරයෙක් වෙන්න කියලා #sjb
06:10
Video thumbnail
ලැයිස්තුවල 50%ක්වත් අදාරනීය කාන්තාවන්ට ඉඩක් දෙන්න
04:07
Video thumbnail
අනුර ජනිධිපතිගේ මේ ආණ්ඩුව - කළුවර කාමරයක් වගේ
04:26
Video thumbnail
දියණියගේ ඝාතකයන් සොයන දෙමව්පියන් කඳුළු සලමින් ජනපතිගෙන් කළ ඉල්ලීම
08:36
Video thumbnail
නාමල් ආණ්ඩුවට ඇන්න සැර ටොක්ක - "දැන්වත් ඒ අයට යාථාර්තය තේරිලා ඇති කියලා විශ්වාස කරනවා"
01:42
Video thumbnail
දවල් හීන දකින නාමල් රාජපක්ෂ #namal_rajapaksha
01:30
Video thumbnail
දිලිත් ගහන්න යන වෙනස්ම ගේම #dilithjayaweera
04:23

?