වසර 08ක් නියෝගය පැහැර හැරි කොළඹ සරසවියේ පරිගණක අංශයේ අධ්‍යක්ෂට නොතීසි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් වසර 8 ක් තිස්සේ පැහැර හැරිය බව කියන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (12) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ කියා සිටියේ අසභ්‍ය වීඩියෝ දර්ශන සන්තකයේ තබාගෙන අන්තර්ජාලය හරහා මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේ සැකකරුවෙකු 2016 වසරේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවා සතුව තිබූ ජංගම දුරකථනය සම්බන්ධයෙන් පරිගණක වාර්තාවක් ලබාදෙන ලෙසට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට අවස්ථා කිහිපයක දී අධිකරණය මගින් දැනුම් දී ඇති නමුත් සිද්ධිය සිදුව වසර 8ක් ගතව ඇතත් එම පරිගණක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට එම විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

සිද්ධියට අදාළ නඩුව ලබන මැයි මස 25 වැනි දින නැවත කැඳවීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42