වසන්ත මුදලිගේ ඇතුලු පිරිසකට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොල්ලුපිටිය පොලිසියට නියෝග කර තිබෙනවා.

වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන, ගල්නෑවේ සිරිධම්ම ඇතුළු පිරිසකටයි මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.

2021 වසරේ දී නීතිවිරෝධී උද්ඝෝෂණයක් සිදු කරමින් කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයේ රථ ගාලකට අයුතු ඇතුළු වීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.

ඊට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි සැකකරුවන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධ නඩුව දෙසැම්බර් 7 වනදා යළි කැදවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48