spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත මුදලිගේ ඇතුලු පිරිසකට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොල්ලුපිටිය පොලිසියට නියෝග කර තිබෙනවා.

වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන, ගල්නෑවේ සිරිධම්ම ඇතුළු පිරිසකටයි මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.

2021 වසරේ දී නීතිවිරෝධී උද්ඝෝෂණයක් සිදු කරමින් කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයේ රථ ගාලකට අයුතු ඇතුළු වීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.

ඊට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි සැකකරුවන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධ නඩුව දෙසැම්බර් 7 වනදා යළි කැදවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?