“වසත් සිරිය – 2023” අයදුම්පත් භාර ගැනීම සිකුරාදා මධ්‍යහ්න 12න් අවසන්

ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය – 2023” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග සඳහා අයඳුම් පත් කැඳවීම දැන් සිදු කෙරෙන අතර එය අප්‍රේල් 21 වන සිකුරාදා මධ්‍යහ්න 12.00න් අවසන් කෙරෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කෙරෙන “වසත් සිරිය” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා කොළඹ, ෂැන්ග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ යි තරග ඉසව් සංවිධානය කර ඇත්තේ.

අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, පවුලේ හිතවතුන් සහ ළමුන් වෙනුවෙන් කාන්තා සහ පිරිමි තරග ඉසව් 18ක් පැවැත්වෙන අතර ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු අමුත්තා සෙවීම, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිඳීම, පොල්අතු විවීම, පොල් ගෑම, කොට්ටපොර ගැසීම, බනිස් කෑම, සූප්පුවෙන් බීම බීම, ඉඳිකටුවට නූල දැමීම, මීටර් 100 දිවීම, අන්ධයාට කිරි කැවීම, බාධක දිවීම, බැලුම් පිපිරවීම, ඉටිපන්දම් දැල්වීම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, ජන ගී ගායනය, ටොෆි ඇහිදීම, හොඳම හිනාව, ලොකුම බඩ තේරීම එම තරග ඉසව් අතරට අයත්.

ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සහභාගිවිය හැකි විවෘත අංශයක් ද පැවැත්වෙන අතර ඊට තරග 16ක් ඇතුළත් වනවා.

“පුර සැරිය” ස්ටෑන්ඩඩ් බයිසිකල් තරගය, මැරතන් ධාවන තරගය, ලිස්සන ගහ, කඹ ඇඳීම, කොට්ටාපොර ගැසීම, ඉටිපන්දම් දැල්වීම, බැලුම් පිපිරවීම, අලියාට ඇස තැබීම, ටොෆි ඇහිදීම, හොඳම හිනාව අවුරුදු කුමරා සහ කුමරිය ඇතුළුව ලොකු කුඩා සැමට සහභාගිවිය හැකි තරග ඉසව් ඊට ඇතුළත්.

එමෙන්ම විදේශකයින්, තානාපති කාර්යාල, විදේශ ආයතන සහ අවට හෝටල්වල සිටින පිරිස් වෙනුවෙන් ආගන්තුක අංශයක් ද පැවැත්වෙන අතර අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිදීම, ඉදිකටුවට නූල දැමීම, අන්ධයාට කිරි කැවීම, බැලුම් පිපිරවීම, දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, කාසිය සෙවීම හා ගෝනි පැනීම, බනිස් කෑම වැනි සංචාරකයන්ට විනෝද විය හැකි තරග ඉසව් 10කින් එය සමන්විතයි.

“වසත් සිරිය 2023” අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය, ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය, කොට්ටා පොර සහ කඹ ඇදීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීම දැන් සිදු වන අතර එම අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

සියලු ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇති අතර “වසත් සිරිය 2023” මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42