spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වලවේ ගඟ පිටාර ගලයි – බලංගොඩ කතරගම මාර්ගය අවහිර වෙයි

වසර 10කට පසුව අධික වර්ෂාව හේතුවෙන් වාන් දැමුණු සමනල වැව හේතුවෙන් මේ වනවිට බලංගොඩ – කතරගම ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී ඇති බවට වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සමනල වැවෙහි වාන් දොරටුවක් විවෘත කිරීමත් සමග ඉන් පිටවන ජලය වලවේ ගඟට එකතු වීමත් සමග, වලවේ ගඟ බලංගොඩ – කල්තොට ප්‍රදේශයෙන් මේ වනවිට පිටාර ගැලීම ආරම්භ වී ඇති බවයි.

මෙලෙස වලවේ ගඟ පිටාර ගැලීමෙන් අවහිර වූ බලංගොඩ – කතරගම මාර්ගයේ රථ වාහන ධාවනයට සේ ම, පදිකයින්ට ද ගමන් කිරීමේ අපහසුවක් ඇති ව තිබෙනවා.

ඊයේ දිනයේ දී සමනල වැව භාර වාරිමාර්ග ඉංජිනේරුවරුන් විසින් ජලාශයේ වාන් දොරටු විවර කිරීමටයි පියවර ගත්තේ.

වලවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොලිසිය දැනුම්දී ඇත්තේ විකල්ප මාර්ග ලෙස කල්තොට මංසන්ධියෙ සිට කල්තොට වෙල් යාය හරහා ඇති මාර්ගය භාවිත කර නැවත මැදබැද්ද මංසන්ධියට පැමිණ කතරගම මාර්ගය භාවිත කරන ලෙසටයි.

ජල මටිටම තවත් ඉහළ යා හැකි බැවින් කල්තොට පහළ ද්‍රේණියේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙසට ද ජනතාවට දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?