වලවේ ගඟ පිටාර ගලයි – බලංගොඩ කතරගම මාර්ගය අවහිර වෙයි

වසර 10කට පසුව අධික වර්ෂාව හේතුවෙන් වාන් දැමුණු සමනල වැව හේතුවෙන් මේ වනවිට බලංගොඩ – කතරගම ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී ඇති බවට වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සමනල වැවෙහි වාන් දොරටුවක් විවෘත කිරීමත් සමග ඉන් පිටවන ජලය වලවේ ගඟට එකතු වීමත් සමග, වලවේ ගඟ බලංගොඩ – කල්තොට ප්‍රදේශයෙන් මේ වනවිට පිටාර ගැලීම ආරම්භ වී ඇති බවයි.

මෙලෙස වලවේ ගඟ පිටාර ගැලීමෙන් අවහිර වූ බලංගොඩ – කතරගම මාර්ගයේ රථ වාහන ධාවනයට සේ ම, පදිකයින්ට ද ගමන් කිරීමේ අපහසුවක් ඇති ව තිබෙනවා.

ඊයේ දිනයේ දී සමනල වැව භාර වාරිමාර්ග ඉංජිනේරුවරුන් විසින් ජලාශයේ වාන් දොරටු විවර කිරීමටයි පියවර ගත්තේ.

වලවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොලිසිය දැනුම්දී ඇත්තේ විකල්ප මාර්ග ලෙස කල්තොට මංසන්ධියෙ සිට කල්තොට වෙල් යාය හරහා ඇති මාර්ගය භාවිත කර නැවත මැදබැද්ද මංසන්ධියට පැමිණ කතරගම මාර්ගය භාවිත කරන ලෙසටයි.

ජල මටිටම තවත් ඉහළ යා හැකි බැවින් කල්තොට පහළ ද්‍රේණියේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙසට ද ජනතාවට දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14