වරාය නගර ගිවිසුමේ තොරතුරු ගැන අභියාචනයක් විභාගයට දින නියම වෙයි

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් නිකුත් කළ නියෝගයක් අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ පුද්ගලික සමාගමක් විසින් ගොනු කළ අභියාචනයක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විතා අභියාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ඇති කරගෙන තිබෙන ත්‍රෛයිපාර්ශ්වික ගිවිසුමේ තොරතුරු ලබා දෙන ලෙස සමාජ ක්‍රියාකාරිකයකු වන ඒම්.එෆ්.ඒ. මන්සූර් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් එම තොරතුර ලබාදීම සහකාර ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබූ බව පෙත්සමේ සඳහන්.

වගඋත්තර කරුවන් ඉල්ලා සිටින තොරතුරු ආර්ථිකය හා සම්බන්ධ ඉතා සංවේදී තොරතුරු බැවින් ඒවා නිකුත් කිරීම තුළින් රටට අගතියක් විය හැකි බැවින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි අදාළ අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ.

එම තීරණයට එරෙහිව සමාජ ක්‍රියාකාරික මනසූර් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් තොරතුරු දැනගැනීමේ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල විභාග කළ තොරතුරු දැනගැනීමේ කොමිසම මෙම පාර්ශ්වකරුවන් ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙසටයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නියෝග කර තිබුණේ.

ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ එම තීරණය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ලෙස ඉල්ලා කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සම්බන්ධ සී. එච්. ඊ. සී. පෝට්සිටි කලම්බු පුද්ගලික සමාගම විසින් අභියාචනාධිකරණය වෙත මෙම ඇපෑල ඉදිරිපත් කර තිබෙනවා.

එම ඇපෑල සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා තොරතුරු කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මෙනෙවිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසටයි.

එහෙත් එම මූලික විරෝධතාව ඉවත දැමූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළා.

ඒ අනුව පෙත්සම් විභාගය මේ මස 19 වනදා පැවැත්වීමට ද නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52