spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වරාය නගර ගිවිසුමේ තොරතුරු ගැන අභියාචනයක් විභාගයට දින නියම වෙයි

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් නිකුත් කළ නියෝගයක් අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ පුද්ගලික සමාගමක් විසින් ගොනු කළ අභියාචනයක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විතා අභියාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ඇති කරගෙන තිබෙන ත්‍රෛයිපාර්ශ්වික ගිවිසුමේ තොරතුරු ලබා දෙන ලෙස සමාජ ක්‍රියාකාරිකයකු වන ඒම්.එෆ්.ඒ. මන්සූර් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් එම තොරතුර ලබාදීම සහකාර ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබූ බව පෙත්සමේ සඳහන්.

වගඋත්තර කරුවන් ඉල්ලා සිටින තොරතුරු ආර්ථිකය හා සම්බන්ධ ඉතා සංවේදී තොරතුරු බැවින් ඒවා නිකුත් කිරීම තුළින් රටට අගතියක් විය හැකි බැවින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි අදාළ අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ.

එම තීරණයට එරෙහිව සමාජ ක්‍රියාකාරික මනසූර් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් තොරතුරු දැනගැනීමේ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල විභාග කළ තොරතුරු දැනගැනීමේ කොමිසම මෙම පාර්ශ්වකරුවන් ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙසටයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නියෝග කර තිබුණේ.

ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ එම තීරණය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ලෙස ඉල්ලා කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සම්බන්ධ සී. එච්. ඊ. සී. පෝට්සිටි කලම්බු පුද්ගලික සමාගම විසින් අභියාචනාධිකරණය වෙත මෙම ඇපෑල ඉදිරිපත් කර තිබෙනවා.

එම ඇපෑල සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා තොරතුරු කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මෙනෙවිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසටයි.

එහෙත් එම මූලික විරෝධතාව ඉවත දැමූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළා.

ඒ අනුව පෙත්සම් විභාගය මේ මස 19 වනදා පැවැත්වීමට ද නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?