spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ට දැනුම් දීමක්

වැඩවර්ජනයක නිරතව සිටින දුම්රිය එන්ජින් රියදුරන් 84 දෙනාට වහාම සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන අය තනතුරුවලින් ඉවත් වූවන් ලෙසට සලකන බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

එම සේවකයින්ට අදාළ ලිපි ඉදිරියේදී නිකුත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනයක් හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

වර්ජනය හේතුවෙන් ඊයේ සහ අද දිනයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. දුම්රිය වර්ජනය හමුවේ දුම්රිය නොමැතිවීම හේතුවෙන් වහලයේ ගමන් කළ 20 හැවිරිදි තරුණයෙකු අනතුරට ලක්ව මරණයට පත්වූ අතර තවත් මගියෙකු තුවාල ලැබුවා. ඔවුන් දෙදෙනාම ඊයේ තදබදයෙන් යුත් දුම්රියෙන් වැටීමෙන් අනතුරට ලක්වුණා.

හොරපේ දුම්රිය ස්ථානයේදී දුම්රියේ වහලෙන් වැටී මියගිය තරුණයාගේ පවුලට රුපියල් ලක්ෂ 5ක් වන්දි ලෙස ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කළේ.

මේ අතර, දුම්රිය වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන 32ක ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව අද යොදවා තිබුණා.

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදීත් ශ්‍රී ලංකා ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය මෙම වර්ජනයේ නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?