වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ට දැනුම් දීමක්

වැඩවර්ජනයක නිරතව සිටින දුම්රිය එන්ජින් රියදුරන් 84 දෙනාට වහාම සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන අය තනතුරුවලින් ඉවත් වූවන් ලෙසට සලකන බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

එම සේවකයින්ට අදාළ ලිපි ඉදිරියේදී නිකුත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනයක් හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

වර්ජනය හේතුවෙන් ඊයේ සහ අද දිනයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. දුම්රිය වර්ජනය හමුවේ දුම්රිය නොමැතිවීම හේතුවෙන් වහලයේ ගමන් කළ 20 හැවිරිදි තරුණයෙකු අනතුරට ලක්ව මරණයට පත්වූ අතර තවත් මගියෙකු තුවාල ලැබුවා. ඔවුන් දෙදෙනාම ඊයේ තදබදයෙන් යුත් දුම්රියෙන් වැටීමෙන් අනතුරට ලක්වුණා.

හොරපේ දුම්රිය ස්ථානයේදී දුම්රියේ වහලෙන් වැටී මියගිය තරුණයාගේ පවුලට රුපියල් ලක්ෂ 5ක් වන්දි ලෙස ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කළේ.

මේ අතර, දුම්රිය වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන 32ක ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව අද යොදවා තිබුණා.

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදීත් ශ්‍රී ලංකා ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය මෙම වර්ජනයේ නිරත වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51