වන සතුන්ගෙන් සිදුවන වගා හානිය වැළැක්වීමට කෙටි කාලයක් තුළ ප්‍රායෝගික වැඩ පිළිවෙළක්

මොණරා, වදුරා සහ රිලවා ඇතුළු සතුන්ගෙන් සිදුවන වගා හානිය වැළැක්වීමට කෙටි කාලයක් තුළ ප්‍රායෝගික වැඩ පිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

විශේෂයෙන්ම මේ සඳහා අවශ්‍ය සියලු පාර්ශ්වවල අදහස් ලබාගැනීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේම සහයෝගය ද තමන් බලාපෙරොත්තු වන බවයි සඳහන් කර සිටියේ.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගාකටයුතු වල යෙදෙන එළවළු ගොවීන්ට පොහොර සහ ඉන්ධන ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

තවද සත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම උපදේශක කාරක සභාවේදී සලකා බැලීම සිදු වුණා.

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පැවසූ අතර ඒ අනුව තවත් දිනයක කාරක සභාව රැස් වී මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05