spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන සතුන්ගෙන් සිදුවන වගා හානිය වැළැක්වීමට කෙටි කාලයක් තුළ ප්‍රායෝගික වැඩ පිළිවෙළක්

මොණරා, වදුරා සහ රිලවා ඇතුළු සතුන්ගෙන් සිදුවන වගා හානිය වැළැක්වීමට කෙටි කාලයක් තුළ ප්‍රායෝගික වැඩ පිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

විශේෂයෙන්ම මේ සඳහා අවශ්‍ය සියලු පාර්ශ්වවල අදහස් ලබාගැනීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේම සහයෝගය ද තමන් බලාපෙරොත්තු වන බවයි සඳහන් කර සිටියේ.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගාකටයුතු වල යෙදෙන එළවළු ගොවීන්ට පොහොර සහ ඉන්ධන ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

තවද සත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබඳව ද මෙම උපදේශක කාරක සභාවේදී සලකා බැලීම සිදු වුණා.

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පැවසූ අතර ඒ අනුව තවත් දිනයක කාරක සභාව රැස් වී මෙම පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?