වතු ජනතාවගේ සුබසිද්ධිය සඳහා ඉන්දියාවෙන් රුපියල් මිලියන 3000ක්

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000ක මුදලක් ලබාදීමට නියමිත බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

අදාළ මුදල් භාවිතා කරමින් කොටගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත විශ්ව විද්‍යාලය කඩිනමින් ස්ථාපිත කිරීමටද සැලැසුම් කරන බව ද ඔහු සඳහන් කළා.

දෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණි අමාත්‍යවරයා කටුනායක ගුවන් කොටුපලේදි මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා…

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපි කණ්ඩායමක් ඉන්දියාවට ගියා. කඳුකර ජනතාවගේ ප්‍රශ්ණ, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, බලශක්ති හා විදුලිබල ක්ෂ්ත්‍රයේ ආයෝජන සම්බන්ධ පිළිබඳව එහෙදි අප සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා.

මෙහෙදි විශේෂයෙන්ම කඳුකරයේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට නිවාස ඉඳි කිරීමේ ප්‍රශ්ණ විසඳේවී. ඉන් පසු ජනතාවගේ ජීවනෝපාය හා ජීවන තත්ත්වය උසස් කළ යුතුයි. ඒ සඳහා අධ්‍යාපනය විකල්පයක් බව මා පෙන්වා දුන්නා. උඩරට වතුකරයේ ජනතාවගේ සංවර්ධනයට රුපියල් මිලියන 3000ක් ඉන්දියාව ලබා දෙනවා. එම මුදල් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වියදම් කරනවා.

ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ මෙම වසරට වසර 200ක් ගත වෙනවා. ඔවුන්ගේ කලා, සංස්කෘතික වටිනාකම් පිළිබිඹු කිරීම සඳහා අනුමත කරන ලද ජාතික උත්සවය නොවැම්බර් මාසයේදි පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර ජනාධිපතිවරයා මෙම මස 26 වැනි දින සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා තිබෙනවා. එහිදී 13 වැනි ආණ්ඩුක්‍රම යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48