වකුගඩු සැත්කමකින් දරුවකු මියගිය සිද්ධියේ ගැන තවදුරටත් විමර්ශන සිදු කරන්නැයි අධිකරණයෙන් නියෝග

පසුගියදා බොරැල්ල ළමා රෝහලේ තුන් හැවිරිදි දරුවෙකු වකුගඩු සැත්කමකට භාජනය වීමෙන් අනතුරුව මරණයට පත්වීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් වී තිබෙන සාක්ෂි සහ වෛද්‍ය වාර්තා ඔස්සේ තවදුරටත් පරීක්ෂණයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද බොරැල්ල පොලිසියට නියෝග කර තිබෙනවා.

එම දරුවාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ.

මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මියගිය දරුවාගේ වකුගඩු නියමිත ස්ථානවල පිහිටා තිබූ බවට වෛද්‍ය වාර්තා හා සාක්ෂිවලින්ද හෙළිදරව් වී තිබෙන බැවින් එම කරුණුද සැලකිල්ලට ගෙන තවදුරටත් පරීක්ෂණ සිදු කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බවයි.

අදාළ දරුවාගේ ඉවත් කළ එක් වකුගඩුවක් රෝහලේ තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බව මෙහිදි බොරැල්ල පොලිසියේ නිලධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඉන් අනතුරුව බොරැල්ල පොලිසියේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ මියගිය දරුවාගේ පියා වන මොහොමඩ් නිසාර් මොහොමඩ් ෆස්ලිම් මහතා සාක්ෂි ලබා දුන්නා.

“මගේ මියගිය පුතා ඉපදී මාස නවයකින් පසුව ඔහුගේ බඩේ ගෙඩියක් ආවා. ඉන්පස්සෙ අපි පුද්ගලික රෝහලකට ගොස් වෛද්‍යවරයකුට පෙන්නුවා. පසුව එහිදී අපිව වෛද්‍ය රන්දුල රණවක මහතා වෙත යොමු කළා . වෛද්‍ය රණවක දරුවා පරික්ෂා කරලා කිව්වා මුත්‍රා අවහිරයක් තියෙනවා ඒ නිසා වෛද්‍ය මලික් සමරසිංහ හමුවෙන්න කියලා. පස්සේ වෛද්‍ය මලික් සමරසිංහ හමු වුණා. ඔහු පරීක්ෂණ කිහිපයක් කරලා බොරැල්ල ළමා රෝහලේ ඔහුගේ සායනවලට එන්න කියලා කිව්වා. පසුව අපි බොරැල්ල ළමා රෝහලේ සායන වලට ගියා. ඔහු පරීක්ෂණ කීපයක් කළා. ඒ පරීක්ෂණ වලින් පස්සේ එයා කිව්වා දරුවාගේ වම් වකුගඩුවේ සියයට නවයක් පමණක් වැඩ කරන බව. සෛල වැඩිලා නැති නිසා වම් වකුගඩුව අයින් කරන්න ඕන කියලා කිව්වා. පස්සේ පුතාගේ අනාගතය ගැන හිතලා අපි ඒකට කැමති උනා. ඒ අවස්ථාවේදී මගේ බිරිඳ වෛද්‍යවරයා ගෙන් ඇහුවා මේකෙන් දරුවාගේ ජීවිතයට හානියක් වෙයිද කියලා. ඒ වෙලාවේ වෛද්‍යවරයා කිව්වා තනි වකුගඩුවෙන් ජීවත්වෙන අය ඕන තරම් ඉන්නවා කියලා. වකුගඩුවක් බද්ධ කරන්න ඕනද කියලත් අපි ඇහුවා. අවශ්‍ය නෑ කියලා වෛද්‍යවරයා සඳහන් කළා” යනුවෙන් සාක්ෂිකරු කියාසිටියා.

ඉන් අනතුරුව වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු

“ඒ අනුව දරුවා බොරැල්ල ළමා රෝහලේ දී පසුගිය දෙසැම්බර් මස 24 වනදා වකුගඩු සැත්කමකට භාජනය කළා. එම සැත්කම සිදු කළේ වෛද්‍ය නවීන් විජේකෝන් කියලා අපි දැන ගත්තා. සැත්කම සිදු වී පසුදා මම දරුවාව බලන්න අයි.සී.යූ එකට ගියා. ඒ වෙලාවේ දරුවා තරමක් ඉදිමිලා වගේ හිටිය මං දැක්කා. ශල්‍යකර්මය සිදු වී දවස් හතරකින් පසුව වෛද්‍යවරු අපිව හම්බ වෙන්න ඕන කිව්වා. අපි ගිහින් හම්බ වුණා. ඒ වෙලාවේ වෛද්‍ය මලික් සමරසිංහ අපිට කිව්වා අපේ අතින් වරදක් වුණා. වකුගඩු දෙකම ඉවත් වෙලා තියෙනවා කියලත් වෛද්‍යවරයා කිව්වා. ඩයලයිසිස් කරලා දරුවා බේර ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම මාස තුනකින් විතර වකුගඩුවක් බද්ධ කර දෙනවා කියලත් වෛද්‍යවරයා සඳහන් කළා. නමුත් දරුවා මිය යන තුරුම වකුගඩුවක් බද්ධ කර දුන්නේ නෑ. වකුගඩුවක් බද්ධ කිරීම සඳහා වකුගඩු දෙන්න කැමතියි තුන් දෙනෙකු අපි වෛද්‍යවරුන්ට ඉදිරිපත් කළා. ඒකටත් සාර්ථක උත්තරයක් දුන්නෙ නැහැ. අවසානයේදී ජූලි මස 27 වැනි දා පුතා නැති වුණා”

යනුවෙන් සාක්ෂිකරු වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියා.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මාසය 22 වනදා දක්වා කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02