වංචනිකව ගෙන්වූ මිනිකූපර් රථයක් රේගුවට භාර දෙන්නැයි නියෝග

ව්‍යාජ ලේඛන යොදා ගනිමින් මෙරටට ගෙන්වීමෙන් අනතුරුව අල්ලස් කොමිසම භාරයට ගන්නා ලද “මිනි කූපර්” වර්ගයේ වාහනයක් වැඩිදුර විමර්ශන සදහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අල්ලස් කොමිසම සඳහන් කළේ ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම මිනිකූපර් වාහනය තම භාරයට ගත් බවයි.

එම වාහනය 2007 වසරේ ව්‍යාජ ලේඛන උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ගෙන්වා 2015 වසරේ ත්‍රිරෝද රථයක පොතකට ලියාපදිංචි කර ඇති අතර එම අවස්ථාවේ රුපියල් ලක්ෂ 25ක බදු වංචාවක් සිදු කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙනවා.

වාහන අමතර කොටස් ආනයන සමාගමක් විසින් මෙය ගෙන්වා තිබෙන අතර මෙම ක්‍රියාව තුළින් රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ සඳහන් “දූෂණය” නැමැති වරද සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි එම කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

ඒ අනුව වැඩිදුර විමර්ශන සඳහා තම භාරයේ පවතින අදාළ “මිනිකූපර්” වාහනය ශ්‍රී ලංකා රේගුව වෙත භාර දිම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීම් කරනු ලැබුවා.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ මිනි කූපර් රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දෙන ලෙස නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30