ලෝක බැංකුවේ ආධාර මත සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියට අවසර හිමිවෙයි

ලෝක බැංකුවේ ආධාර මත සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP) අධ්‍යාපන අමාත්‍යාංශයීය යෝජනා සමඟ සමගාමී ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළකර තිබෙනවා.

ඒ අනුව ලෝක බැංකු යෝජනා සහ අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ශ්වයේ යෝජනා පිළිබඳ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට පැමිණි බැව් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය ප්‍රකාශ කළා.

අමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ අතිරේක ප්‍රතිපාදන මේ සඳහා ලෝක බැංකුව විසින් සපයනු ඇති.

ඒ අනුව සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේ මූලික අරමුණු වශයෙන් හඳුනාගෙන තිබෙන ගුරු පුහුණුව, අධ්‍යාපනයේ යටිතල පහසුකම් සංවර්ධනය හා ප්‍රතිසංවිධානය, සංවර්ධනයට සමගාමීව විෂයමාලා යාවත්කාලීන කිරීම, විභාග ක්‍රමය ප්‍රතිසංවිධානය, මහජනතාව දැනුම්වත් කිරීම උදෙසා මෙම මුදල් යෙදවීමට අපේක්ෂිත වනවා.

එමෙන්ම මෙම අතිරේක මුදල් යොදවමින් පාසල් දරු දැරියන්ගේ සෞඛ්‍ය සහ ප්‍රතිශක්තිය වර්ධනය, පාසල් සංවර්ධනය සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ගුරුවරුන් සන්නද්ධ කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාව ඇති කිරීම, පාසල්වල ගුණාත්මක භාවය සුරක්ෂිත කිරීම පිණිස ජාතික වැඩසටහනක් ක්‍රියාවට නැංවීම, කාලගුණ වෙනස්කම් පිළිබඳ විද්‍යාත්මක සම්මුතියකට පැමිණීම, ඉංග්‍රිසි භාෂාව සහ ගණිතය විෂයයන් සඳහා ඩිජිටල් තාක්ෂණයෙන් පුස්තකාල පහසුකම් ලබාදීම, අධ්‍යාපනයේ අන්තර්කරණ වැඩසටහන් හා පාසල් ප්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ලබාදීමට දෙපාර්ශ්වයේ ම එකඟතාව පළ වුණා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් නාලක කලුවැව ඇතුළු නිලධාරීන්, ලෝක බැංකුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් රාජ්‍ය සඳහා කළමනාකරු ජිවොග් සාර්ග්ස්යන් (Gevog Sargsyan), එහි ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ අතුරුපාන, මාලදිවයින්, නේපාල සහ ශ්‍රී ලංකා ව්‍යාපෘති නායිකා අයේෂා වයි. වව්ඩා (Ayesha Y. Vawda) මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21