Empty Ad
AFC Banner
Empty Ad

ලෝක බැංකුවේ ආධාර මත සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියට අවසර හිමිවෙයි

ලෝක බැංකුවේ ආධාර මත සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP) අධ්‍යාපන අමාත්‍යාංශයීය යෝජනා සමඟ සමගාමී ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළකර තිබෙනවා.

ඒ අනුව ලෝක බැංකු යෝජනා සහ අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ශ්වයේ යෝජනා පිළිබඳ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට පැමිණි බැව් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය ප්‍රකාශ කළා.

අමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ අතිරේක ප්‍රතිපාදන මේ සඳහා ලෝක බැංකුව විසින් සපයනු ඇති.

ඒ අනුව සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේ මූලික අරමුණු වශයෙන් හඳුනාගෙන තිබෙන ගුරු පුහුණුව, අධ්‍යාපනයේ යටිතල පහසුකම් සංවර්ධනය හා ප්‍රතිසංවිධානය, සංවර්ධනයට සමගාමීව විෂයමාලා යාවත්කාලීන කිරීම, විභාග ක්‍රමය ප්‍රතිසංවිධානය, මහජනතාව දැනුම්වත් කිරීම උදෙසා මෙම මුදල් යෙදවීමට අපේක්ෂිත වනවා.

එමෙන්ම මෙම අතිරේක මුදල් යොදවමින් පාසල් දරු දැරියන්ගේ සෞඛ්‍ය සහ ප්‍රතිශක්තිය වර්ධනය, පාසල් සංවර්ධනය සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ගුරුවරුන් සන්නද්ධ කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාව ඇති කිරීම, පාසල්වල ගුණාත්මක භාවය සුරක්ෂිත කිරීම පිණිස ජාතික වැඩසටහනක් ක්‍රියාවට නැංවීම, කාලගුණ වෙනස්කම් පිළිබඳ විද්‍යාත්මක සම්මුතියකට පැමිණීම, ඉංග්‍රිසි භාෂාව සහ ගණිතය විෂයයන් සඳහා ඩිජිටල් තාක්ෂණයෙන් පුස්තකාල පහසුකම් ලබාදීම, අධ්‍යාපනයේ අන්තර්කරණ වැඩසටහන් හා පාසල් ප්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ලබාදීමට දෙපාර්ශ්වයේ ම එකඟතාව පළ වුණා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් නාලක කලුවැව ඇතුළු නිලධාරීන්, ලෝක බැංකුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් රාජ්‍ය සඳහා කළමනාකරු ජිවොග් සාර්ග්ස්යන් (Gevog Sargsyan), එහි ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ අතුරුපාන, මාලදිවයින්, නේපාල සහ ශ්‍රී ලංකා ව්‍යාපෘති නායිකා අයේෂා වයි. වව්ඩා (Ayesha Y. Vawda) මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?