ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර 12 වැනි තැනට ශ්‍රී ලංකාව


ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර 12 වැනි තැනට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි “ට්‍රෙඩින් ඉකොනොමික්ස්” වෙබ් අඩවිය සඳහන් කරයි.


එම වෙබ් අඩවියට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් තුන වන්නේ වෙනිසියුලාව, ලෙබනනය හා සුරිනාම්ය.මේ අතර ඉහළම උද්ධමනයක් සහිත දකුණු ආසියාතික රටවලින් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇත.අදාළ දත්ත හා සංඛ්‍යාලේඛනවලට අනුව දකුණු ආසියාතික රටවල් අතරින් පාකිස්තානය පමණක් ශ්‍රී ලංකාවට වඩා ඉහළ උද්ධමනයක් ඇති රටක් වන අතර ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින
යන දකුණු ආසියාතික සෑම රටකම පවතින්නේ අඩු උද්ධමනයකි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 ක් ලෙසින් වාර්තා වේ. එය 2021 නොවැම්බර් මාසයේ දී දැක්වුණේ සියයට 16.9 ක් ලෙසිනි.

පහතින් දැක්වෙන්නේ ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් හි ලැයිස්තුවයි. ඊට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 12 වැනි තැනය.

ශ්‍රී ලංකාවට ඉදිරියෙන් වෙනිසියුලාව, ලෙබනන්, සුරිනාම්, සිම්බාබ්වේ, ආර්ජන්ටිනාව, තුර්කිය, ඉරානය, සිරියාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව සහ හයිටිය වේ. ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ ලෙබනනය, ඉරානය හා සිරියාව පමණි.

thXJji2.jpg

උද්ධමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයක් පහතින් දැක්වේ.

2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 7.0 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 14.0 දක්වා ඉහළ ගියේය
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 11.1හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 14.0 දක්වා ඉහළ ගියේය.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.0 දක්වා ඉහළ ගියේය.
උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 16.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය.


2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.68ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 3.0කින් සහ සියයට 0.68කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. . ඒ අනුව, 2021 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, එළවළු, සහල් සහ අමු මිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

තවද, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල්, සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ (මත්පැන්, බුලත්) යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගියේය.


තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 8.8හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 10.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.0හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 5.5 දක්වා ඉහළ ගියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20