spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද සමඟ ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

මරණයට පත්ව ඇත්තේ 24 හැවිරිදි මවක සහ තුන් හැවිරිදි ඇගේ සිඟිති දියණියයි. 24 හැවිරිදි නදීකා ප්‍රියදර්ශනී ඇගේ තුන් හැවිරිදි සිඟිති දියණිය නෙක්ෂා දෙව්මි සමග ජීවත්වුණේ බිබිල, බදුල්ලගම්මන, නෙල්ලිවත්ත ප්‍රදේශයේ පිහිටි තම සැමියාගේ නිවසේයි.

ඇය ඊයේ රාත්‍රියේ අතුරුදහන් වීම නිසා නිවැසියන් ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා. එහිදී දැක ඇත්තේ නදීකා තම සිඟිති දියණිය සමඟ ළිඳට වැටී තිබු ආකාරයයි. ජිවිත ගමනේ අතරමඟ හමුවන පුංචි සිත්තැවුල්වලට සංවේදී වී ජීවිතවලින් පළිගන්නට තරම් ඉක්මන්වීම ගැන ගමේ සියලු දෙනා කම්පාවට පත්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?