ලයිට් කපයිද ? අන්තිම තීන්දුව අද

විදුලි කප්පාදුවක් සිදුකරන්නේද යන අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මණ්ඩලය පැවසුවේ අවශ්‍යතාවක් පැන නැගුනහොත් පමණක් විදුලිය විසන්ධි කරන බවයි.

අද සිට කිසියම් කාලසීමාවක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ අනුමැතිය ලබාදුන්නා.

කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ බිඳවැටීමක් සහ ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීම හමුවේ පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටී තිබුණා.

මෙවැනි වාතාවරණයකදී විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ මහජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් දිනපතා සීමිත වේලාවක් විදුලිය කපාහරින ලෙස ලංකා විදුලි බල බණ්ඩලය වෙත අවසර දුන් බවයි.

කෙසේවෙතත් දහවල් කාලයේදී විදුලිය විසන්ධි කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් රාත්‍රී කාලයේදී පමණක් දිවයිනේ සියලූ ප්‍රදේශ වලට සීමිත වේලාවක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද ඔහු අවධාරණය කලා.

කෙසේවෙතත් අවසර ලැබුණද අද සිට විදුලි විසන්ධිකිරීමක් සිදුකිරීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කලේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28