ලක්ෂ 10කට අඹ ගෙඩි තුනක් වෙන්දේසි වෙයි

වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ 21 වැනිදා රාත්‍රියේ පැවති තිරුවිලා උත්සවයේදී අඹ ගෙඩි 03ක් රුපියල් ලක්ෂ 10කට වෙන්දේසි වී තිබේ.

ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි සබරිරාජන් නමැති දරුවෙකු විසින් මෙම ලන්සුව තබා ඇති අතර කෝවිලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාළ ලක්ෂ 10 ක මුදල පරිත්‍යාග කිරීමට දෙමාපියන් හා ඥාතීන් වෙන්දේසියේදී අඹ ගෙඩි තුනට මුදල ලක්ෂ 10 ක මුදලක වටිනාකමක් ලබාදී ඇත.