spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංවිම ප්‍රතිව්‍යූහගත කරන්න අටදෙනෙකුගේ කමිටුවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග
විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු
හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා
ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ
ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සාලිය වික්‍රමසූරිය
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු නීති උපදේශක ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ චන්දන විජේසිංහ
නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ නීතීඥ හර්ෂ ප්‍රනාන්දු

එම කමිටුවේ සාමාජිකයින් වනවා.

මෙම කමිටුව මසක් ඇතුළත විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමඟ ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනා ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?