spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංගමෙන් ඉන්ධන බෙදාහැරීම විධිමත් කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

ලංකා ගමනාගමන මණ්ඩලය හරහා සිදු කෙරෙන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනතාවට ඉන්ධන, විදුලිය, ආහාර, ඖෂධ ඇතුළු සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලවල් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලාගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (05) කැඳවූ අවස්ථාවේදීයි අධිකරණය මේ බව දන්වා ඇත්තේ.

මෙම පෙත්සම් විජිත් මළල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

මෙම අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරනු ලබන වැඩිදුර යෝජනා ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙහිදී නියෝග කළා.

පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 31 වනදා සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?