ලංකා බැංකු සේවකයින් විසින් බැංකු මූලස්ථානය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ සියල්ල තහනම්

ලංකා බැංකු සේවකයින් විසින් බැංකු මූලස්ථානය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ සියල්ල තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝගයක් නිකුත් කළා.

ඒ කොටුව පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින්. මෙවැනි උද්ඝෝෂණයක් සිදුකළ හොත් මහජන පීඩාවක් සිදුවන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.