“ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී විචිත්‍රවත්ව

75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සියලුම නර්ථන, ගායන සහ වාදන අංගවල එකතුවක් පිළිබිඹු කරමින් විශේෂ සංස්කෘතිකාංග 18කින් සමන්විතව පැවැත්වුණු “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය ඊයේ (03) රාත්‍රියේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී විචිත්‍රවත්ව පැවැත් වුණා.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

රාජ්‍ය නර්තන කණ්ඩායම් 10ක් සහ පෞද්ගලික අංශයේ නර්තන කණ්ඩායම් 08ක් ඒකාබද්ධවයි “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය පවත්වනු ලැබුවේ.

මෙහි පිටපත සහ පද රචනය ගයා රම්‍ය අල්විස් මහතාගෙන් වන අතර සංගීතය ජානක ෆොන්සේකාගෙන්.

නර්තන වින්‍යාසය සහ අධ්‍යක්ෂණය මහාචාර්ය කරුණාරත්න බණ්ඩාරයන් සහ ආචාර්ය රවිබන්දු විද්‍යාපති විසින් සිදු කර තිබුණා.

සැබැවින්ම නිදහස යනු කුමක්ද? එය ළඟා කර ගත හැක්කේ කෙසේද? ඇමරිකානු ලේඛක විලියම් ෆෝක්නර් ඉදිරිපත් කරන අදහසට අනුව නිදහස ළඟා කර ගත හැක්කේ නිදහස කෑ ගසා ඉල්ලා සිටීමෙන් ම පමණක් නොව නිදහස උදෙසා ඇති පුහුණුවෙන්.

නිදහස නම් වූ ඒ අපූර්ව සංකල්පය දරා සිටින්නට අපට මනා පුරුද්දක් පුහුණුවක් තිබේද ? අධිරාජ්‍යවාදී බළමුළුවලට නතුව ගෙවී ගිය යුගය නිමාවට පත් වුව ද අප සැබෑ නිදහස භුක්ති විඳීමේ පුරුද්ද ඇති කර ගත්තේ ද ? නිදහසින් පසු හැත්තෑපස් වසරක් ගෙවා හමාර කරන අපි, සැබෑ නිදහසක් ලබන්නට කෙසේ වෙනස් විය යුතුද ? එළැඹෙන (2023-2048) නව සියවසක හැරවුම් ගමන් මඟ කටු කොහොල් පාදා ගන්නට නම් අප වෙනස් විය යුත්තේ කෙසේද ? එකී පරිවර්ථනයක් උදෙසා ඇරඹෙන ගමන් මගෙහි ආරම්භක සංඥාව “ලංකාරලංකා” නාද පෙළහරින් සනිටුහන් කෙරුණා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරුන්, තානාපතිවරු, මහකොමසාරිස්වරු ප්‍රමුඛ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙරටට පැමිණි විදෙස් අමාත්‍යවරු ප්‍රමුඛ නියෝජිතයන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරින්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45
Video thumbnail
සැප රියෙන් ඇවිත් කළ කැත වැඩේ
00:15
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න
00:51
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න..මහ ජල කඳක් ගලාගෙන යන හැටි
01:55
Video thumbnail
ගල් යුගයටම සමතලා වෙච්ච වියට්නාමය අද ශීඝ්‍රයෙන් ඉදිරියට යන රටක්..ලංකාවට වෙලා තියෙන දේ ?
03:51
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49