spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී විචිත්‍රවත්ව

75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සියලුම නර්ථන, ගායන සහ වාදන අංගවල එකතුවක් පිළිබිඹු කරමින් විශේෂ සංස්කෘතිකාංග 18කින් සමන්විතව පැවැත්වුණු “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය ඊයේ (03) රාත්‍රියේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී විචිත්‍රවත්ව පැවැත් වුණා.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

රාජ්‍ය නර්තන කණ්ඩායම් 10ක් සහ පෞද්ගලික අංශයේ නර්තන කණ්ඩායම් 08ක් ඒකාබද්ධවයි “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය පවත්වනු ලැබුවේ.

මෙහි පිටපත සහ පද රචනය ගයා රම්‍ය අල්විස් මහතාගෙන් වන අතර සංගීතය ජානක ෆොන්සේකාගෙන්.

නර්තන වින්‍යාසය සහ අධ්‍යක්ෂණය මහාචාර්ය කරුණාරත්න බණ්ඩාරයන් සහ ආචාර්ය රවිබන්දු විද්‍යාපති විසින් සිදු කර තිබුණා.

සැබැවින්ම නිදහස යනු කුමක්ද? එය ළඟා කර ගත හැක්කේ කෙසේද? ඇමරිකානු ලේඛක විලියම් ෆෝක්නර් ඉදිරිපත් කරන අදහසට අනුව නිදහස ළඟා කර ගත හැක්කේ නිදහස කෑ ගසා ඉල්ලා සිටීමෙන් ම පමණක් නොව නිදහස උදෙසා ඇති පුහුණුවෙන්.

නිදහස නම් වූ ඒ අපූර්ව සංකල්පය දරා සිටින්නට අපට මනා පුරුද්දක් පුහුණුවක් තිබේද ? අධිරාජ්‍යවාදී බළමුළුවලට නතුව ගෙවී ගිය යුගය නිමාවට පත් වුව ද අප සැබෑ නිදහස භුක්ති විඳීමේ පුරුද්ද ඇති කර ගත්තේ ද ? නිදහසින් පසු හැත්තෑපස් වසරක් ගෙවා හමාර කරන අපි, සැබෑ නිදහසක් ලබන්නට කෙසේ වෙනස් විය යුතුද ? එළැඹෙන (2023-2048) නව සියවසක හැරවුම් ගමන් මඟ කටු කොහොල් පාදා ගන්නට නම් අප වෙනස් විය යුත්තේ කෙසේද ? එකී පරිවර්ථනයක් උදෙසා ඇරඹෙන ගමන් මගෙහි ආරම්භක සංඥාව “ලංකාරලංකා” නාද පෙළහරින් සනිටුහන් කෙරුණා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරුන්, තානාපතිවරු, මහකොමසාරිස්වරු ප්‍රමුඛ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙරටට පැමිණි විදෙස් අමාත්‍යවරු ප්‍රමුඛ නියෝජිතයන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරින්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?