රෝහණ වීරසිංහට සහ උමාරාට ලෙඩක් වැටෙයි

‘කවිය ඔබ’ , ‘බොරලු ඇනෙන’ , ‘ඔබ හීනයක් වගේ’ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ දීපිකා ප්‍රියදර්ශනී කියන්නෙ කාගෙත් ආදරය දිනාගත්ත ගායන ශිල්පිනියක්. පසුගිය දවසක ඇය යම් ආන්දෝලනාත්මක සටහනක් සිය මුහුණු පොතේ පළ කර තිබුණා. ඒ තමා විසින් ගැයූ ගීතයක් වන, ‘කවිය ඔබ’ ගීතයේ Remake නිර්මාණය ගැන සඳහන් කරමිනුයි. මෙම නව නිර්මාණය ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහයන් විසින් සිදුකර ඇති අතර, ගායනා කරනු ලබන්නෙ උමාරා සිංහවංශයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව තමාව කිසිසේත්ම දැනුම්වත් කිරීමක් හෝ නොකළ බවයි දීපිකා මුහුණු පොතේ සටහනින් වැඩිදුරටත් කියා තිබුණේ.

එම සම්පූර්ණ සටහන පහතින් බලන්න.

මේ සටහන අකුරු කරන්න මට කාලය ගතවිය. දරුවන් දෙදෙනකු සමග ජීවිතය පහසු නැති බව අලුතින් කිව යුතු නොවේ.
අද ‘කවිය ඔබ’ ගීය වෙනුවෙන් ලද ඇමැතුම් සහ කෙටි පණිවුඩ සියල්ලට සාවධාන වීම වඩාත් මා කාර්ය බහුල කළා. බාධා අතර අකුරින් අකුර ගලපද්දී හිත හැගුම්බර කළ ගීය පිළිබද මතක ඇස කදුළු බවට පත්ව ගලා යාම පමණක් මට සැහැල්ලුවක් විය.
අද 15.03.2022, මගේ මව මියගොස් මසක් පිරුණ දවස. ඊයේ රාත්‍රියේ පටන් අද පාන්දරවන තුරු මම ගත කළේ ඇයගෙ වියෝව ගැන සිහිකරමින් මගේ අතිශය ශෝකී කාලයක්.
‘කවිය ඔබ’ ගීය, උමාරා නැගෙණිය විසින් ගයන ලද බව මම දැන ගන්තේ ඉන් පසුවය, මගේ මව යම්සේ මගේ ප්‍රාණය වීද, මගේ ගීතාවලියේ කවිය ඔබ යනුද එසේමය. ඉදින් එය නවක සහ මෙරට දක්ෂ ගායිකාවක විසින් වර නැගෙනු ඇසීම හෙවත් යළි යළිත් ඉපැදීමට ලක්වීම පළමුව මගේ සතුටට හේතුවිය.
දෙවනුව යළි ශෝකයක්ද තෙවනුව මහත් විස්මයක්ද ඇතිවන්නේ කරුණු කිහිපයක් පෙරදැරිවය.
අනූව දශකයේ මුල් භාගයේ දවසක් මට මතක්වෙයි. ඒ මගේ තුරුණු අවධිය. මගෙ සර් – ‘රෝහණ අයියා’, මට ආරාධනා කළා වෙනත් ගායිකාවකගේ ගීයක් මගෙ හඬින් පටිගත කිරීමකට.
ගීතය: ඈත සංසාරේ…..
ගායිකාව: නිරංජලා සරෝජිනී මහත්මිය. (මා ඊට අකමැති වූ පසු එය අනුෂා නානායක්කාර නැගෙනිය සමග ගායනා කර තිබිණ.)
මා නිරංජලා මහත්මියට කෝල් කර මේ ආරාධනාව ගැන සඳහන් කළා. අබේවර්ධන බාලසූරිය මහත්මාත් ඇය අසල සිටියා. අනුන්ගේ ගීයක් ගැයීමට අවසර ඉල්ලීමට තරම්වත් නොසිතන, මුල් නිර්මාණකරුවන්ගේ නම සඳහන් කිරීමටත් අමතක වන තරම් අකෘතඤ ලෝකයක තමන්ට ගීයක් ගැයීමට ආරාධනාවක් ලද බව සහෝදර ජ්‍යෙෂ්ට ගායිකාවට දැනුම්දීමට පවා ඒ කාලයේ මම සැලැකිලිමත් වූ අයුරු මට මතකය. මම එදා ඒ ගීය නොගයන්නේ මගෙ ජ්‍යේෂ්ට ගායිකාවට කරන ගෞරවයක් ලෙසින්.

  1. උමාරා නැගෙණියනි, ඔබ ආදරය කරන නිසා ගැයූ බව කියන ගීතයේ මුල් ගායිකාවට Call එකක් දීමට තරම්වත් ඔබට සිහිපත් නොවීම පිළිබඳ මට ඇත්තේ කණගාටුවකි.

වරක් – 2019 ජුලි හත් වෙනිදා – සුනිල් ආර් ගමගේ අයියා සමග පදනම් ආයතනයේ සිට එතුමන්ගේ නිවසට යන අතරතුර කළ කථාබහක් මට සිහිපත් වෙයි. එහිදී මගේ යෝජනාවක් වුණේ එතුමන් ලියූ කවිය ඔබ ගීය පියානෝ වාදනයක් පමණක් පසුබිමේ තබා මවිසින් යළි ගායනය කළ යුතු බව. ඒ ඇසූ සැණින් එතුමන් කියා සිටියා ‘මම හිතන්නෙ එහෙම කරනවනං එය ඉතා පරිස්සමින් කළ යුතු’යි. එය, තමන් ලියූ ‘දවසක් පැල නැති හේනේ’ ගීයට, සන්ෆලවර්ස් වර නැගීම නිසා හානියක් වූ බවට රන්බණ්ඩා සෙනවිරත්න මහතා, කළ චෝදනාව මට සිහිපත් කිරීමට සමත්විය. ඉදින් මම මගේ අදහස එදිනම අතැර දැමුවෙමි.

  1. අද මේ සිද්ධි මෙසේ සිදුවුවද, සුනිල් ආර් ගමගේ අයියා මේ මොහොතවන විටවත් මේ සම්බන්ධයෙන් මට ඇමැතුමක් දී නැත. එහෙත් මේ ‘cover song’ නමින් තමන්ගේ ‘කවිය ඔබ’ ගීය පරිස්සමින් අලුත් කිරීමට අවසරයක් දී ඇත.

රෝහණ සර් ගේ පුතණුවන් – කළිඳු වීරසිංහ මල්ලී සහ මා අතර ඇති ළෙංගතුකම ඉතාමත් පැරැණියි. මාගේ මවගේ මරණයෙන් පසුව පවා ඔහු සමග කළ කථා බහකදී අපි එක්ව නව නිර්මාණයක් කිරීමටත් යෝජනා ස්ථිර කරගෙන සිටියා.
කවිය ඔබ ගීයේ cover song එක පිළිබඳ අද විවිධ තැන්හී විවිධ කථාබහ නැගෙද්දී….. කළිඳු මල්ලී මට what’s app පණිවුඩයක් එවා තිබුණා. (ගීය මෙසේ cover song එකක් බවට පත්වන බව මම පළමුව දැනුවත් වූයේ පවා එම සටහනින් පසුවය) එහි තිබුණේ ජාත්‍යන්තර වශයෙන් සිදුවන cover songs පිළිබඳ මා දැනුවත් කිරීමේ අරමුණයි.

ගායන කේෂේත්‍රයේ වසර හතලිහකට ආසන්න කාලයක් දෙස් විදෙස් අත්දැකීම් සහිත මම cover songs ගැන තවදුරටත් කලිඳු මල්ලිගෙන් දැනුවත්වීමට කැමැත්තෙමි. මක්නිසාද මගෙන් ඉගෙනගත් දරුවන් දහස්ගණනක් මගෙම ගී සිය දහස්වරක් cover versions ලෙස ගයනු අසා සතුටු කඳුළු වැගිරූවෙක් තවත් සිටී දැයි මා නොදන්නා බැවිනි.

  1. තමන්ගේ ආයතනය මේ ගීය ප්‍රතිනිෂ්පාදනය කරද්දී මුල් ගායිකාවට නොව තමන්ගේ කුඩාවියේ සිට සමීප වැඩිමහල් සහෝදරියට ‘අක්කේ අපි ඔයාගේ සිංදුව අලුතින් කරනවා’ කියා පණිවිඩයක් එවීමට තරම් සිතක්, කලිඳු මල්ලීට පහළ නොවීම මට පුදුමය උපදවයි.
    දීපිකා නමින් ගායිකාවක් උපදින්නේ රෝහණ වීරසිංහ ගුරුතුමාගේ සංගීතයෙන් කිව්වොත් එය අතිශයෝක්තියක් නොවන බව මම නිරන්තරයෙන් කියන දෙයක් සහ එයට මා සියලු තන්හි හෘදයාන්ගමව කෘතවේදී වීමි.
  2. රෝහණ අයියේ

නන්දා මාලනියගේ ‘තරුද නිදන මහ රෑ’ ගීය අලුතින් නිර්මාණය කරද්දී කටහඬ මුසු කළේ මුල්ගායිකාව වන ඇය විසින්මයි. නමුදු කවිය ඔබ අලුත් කිරීමේදී මගේ කටහඬ ඊට යෙදීම නුසුදුසු වන්නට ඇත. ඒත්, ‘දීපිකා, අපි අපේ , කවිය ඔබ ගීතය උමාරා එක්ක අලුතින් කරනව’ කියා ඔබ මට කීවා නම් මම කොයිතරම් සතුටුවනවාද?

මගේ ගී cover songs කළ මාගේ සියලු දරුවන් ට අත්පුඩි ගැසුවා සේ උමාරාටද පළමු අත්පුඩිය ගසන්නේ මමය! අළුත් හෝ පරණ භේදයකින් තොරව කාගෙත් සුන්දර නිර්මාණ මා කොතෙක් අගයන බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. ආදරණීය අය්යේ
ඔබ තරමී මා ගැන දන්නා වෙනත් පීතෘවරයකු මේ මිහිපිට නොමැති බව මම මෙතෙක් සිතා සිටියෙමි.
ඔබ සැමට ජය පතමි.
තෙරුවන් සරණයි!
දීපිකා….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53