spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝද දෙකෙන් අධිවේගයේ ගිය කතරගම – කොළඹ බස් රථය (වීඩියෝ)

දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන්ගත් බස් රථයක් පිටුපස රෝද දෙක ම ගැලවී යාමෙන් අනතුරකට මුහුණ පා තිබෙනවා.

කතරගම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම් 35 සහ 36 කිලෝමීටර් කණු අතර, ඊයේ (23) සවස මෙම අනතුර සිදුව තිබෙනවා.

පසුපස රෝද දෙක ගැලවී ගිය බස් රථය, ඉදිරිපස රෝද දෙකෙන් කිලෝමීටර් භාගයක් පමණ ඉදිරියට ධාවනය වී ඇති බව සඳහන්.

අනතුරෙන් බස් රථයේ සිටි මගීන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

https://youtu.be/RfslBHMbCII
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?