රුහුණු කුමාරි පීල්ලෙන් පිට පනී

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනට බාධා එල්ල වී තිබෙනවා.

බෙලිඅත්තේ සිට මරදාන ධාවනය වන රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය බුස්ස ප්‍රදේශයේ දී මෙලෙස පිලීපැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් කොළඹ සිට ධාවනය වන දුම්රිය හික්කඩුව දක්වා සීමා කර ඇති බව සඳහන්.