රුසියාව, යුක්‍රේන ආක්‍රමණය අරඹා අදට වසරයි

රුසියාව යුක්රේනයට එරෙහි මෙහෙයුම් ආරම්භ කර අදට වසරක් සපිරෙනවා.

පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වන දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගේ නියෝග අනුවයි එරට ආරක්ෂක අංශ යුක්රේන ආක්‍රමණය සිදු කරනු ලැබුවේ.

බොහෝ විශ්ලේෂකයින් මත පළ කර තිබුණේ රුසියාවට එරෙහි යුක්රේන ප්‍රතිරෝධය දින කිහිපයකින් බිඳ වැටෙනු ඇති බවයි.

එහෙත් වසරක් පුරා, යුක්රේන හමුදාව මෙම බලවේගයට මුහුණ දී ඇති අතර, රුසියානුවන්ගේ ආරම්භක ජයග්‍රහණ ආපසු හරවා යමින්, Donbas කලාපයේ බලය මේ වන විට යුක්රේනය සතු වී තිබෙනවා.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු සිදු වූ දැවැන්තම යුරෝපීය ආක්‍රමණය ලෙසට මෙය සැලකෙන අතර මේ වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට සොල්දාදුවන් 200,000කට වැඩි පිරිසක් යවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව මෙම යුද්ධයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 7,199ක් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලබා තිබෙනවා.

සමූහ ඝාතනයන් සිදු වූ බව කියන යුක්‍රේන මරියුපෝල් නගරයේ නගරාධිපතිවරයා කියාසිටියේ එම ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 21,000ක් මිය ගොස් ඇති බවයි.

වසරකට ආසන්න කාලයක් පවතින ගැටුම් හමුවේ මිලියන 13 කට අධික ජනතාවක් විදේශයන්හි සරණාගතයන් බවට පත් කර හෝ යුක්රේනය තුළ ම අවතැන් ව සිටිනවා.

එම වසරේ මාර්තු 2 වනදා රුසියාව Kherson නගරයේ පාලනයට නතු කර ගත් අතර එම දිනවලව් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ඇතුළු විශාල ප්‍රදේශයක ද බලය තහවුරු කර ගැනීමටයි රුසියානු ආරක්ෂක අංශ සමත් වුණේ.

මාර්තු 16 වන දින, රුසියාව සිවිල් වැසියන් ද සිටි වරාය නගරයක් වන Mariupol හි රඟහලකට පහර දුන් අතර, එම ප්‍රහාරයෙන් මිනිසුන් සිය ගණනක් මරණයට පත් වුණා.

ගැටුම් අතරතුර ජුලි 22 වනදා තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් වූ ගැටුමක් අවසන් කරමින් කළු මුහුදේ වරායන්හි සිරවී ඇති ධාන්‍ය සැපයුම යළි ආරම්භ කිරීමේ ගිවිසුමකට රුසියාව සහ යුක්රේනය එකඟ වී තිබුණා.

මේ අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම මහා මණ්ඩල රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ සංවිධාන ප්‍රධානී António Guterres විසින් හෙළා දැක තිබෙනවා.

රුසියාව වහාම සහ කොන්දේසි විරහිතව මෙම යුදමය වාතාවරණයෙන් ඉවත් විය යුතු බවටයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ලෝකයේ සාමූහික හෘදසාක්ෂියට “අපහාසයක්” ලෙසටයි ජගත් මහා ලේකම්වරයා රුසියානු ආක්‍රමණය හෙළා දැක ඇත්තේ.

මේ අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා අනපේක්ෂිත ලෙස යුක්‍රේනයේ කියෙව් අගනුවර සංචාරයක ද නිරත
වුණා.

එය මෑත කාලයේ සිදු වූ පෙර නොවූ විරූ සංචාරයක් ලෙසටයි ධවල මන්දිර නිලධාරීන් ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයාගේ සංචාරය, යුක්‍රේනයට උදව් කිරීමට බයිඩන් පරිපාලනයේ කැපවීම පිළිබඳව රුසියාව වෙත නිකුත් කරන සංඥාවක් ලෙසට ද සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09