රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ ආපණශාලාවක 59ක් මරුට

යුක්‍රේනයේ Hroza ගම්මානයේ ආපණ ශාලාවකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ ක්‍රියාත්මක වන්නේ යුක්‍රේන – රුසියානු යුද්ධයේ 597 වැනි දවස යි.

යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Ihor Klymenko පැවසුවේ පසුගිය සතියේ Hroza ගම්මානයේ ආපණශාලාවකට මෙම ප්‍රහාරය එල්ල වීමෙන් විශ්‍රාමිකයින්, වෛද්‍යවරුන්, ගොවීන්, ගුරුවරුන්, ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවයි.

රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රාදේශීය ආණ්ඩුකාර Vyacheslav Gladkov ට අනුව යුක්‍රේන – රුසියානු යුද ගැටුම් මධ්‍යයේ විනාශ වූ යුක්රේන ඩ්‍රෝන යානයක සුන්බුන් නිවෙස් මතට වැටීමෙන් ද තිදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

මියගිය අය අතර සිව් හැවිරිදි දැරියක් ද වනවා.

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy පැවසුවේ, රුසියානු හමුදා සමග දැඩි සටන් මධ්‍යයේ යුක්රේන හමුදා නැගෙනහිර Avdiivka නගරයේ “ඔවුන්ගේ භූමිය රඳවාගෙන සිටින” බවයි.

යුක්රේනයේ ගුවන් හමුදාවට අනුව රුසියානු ඩ්‍රෝන යානා 33 න් 28 ක් ම බෙල්ගොරොඩ් ප්‍රදේශයෙන් උතුරට සහ රුසියාවට ඈඳා ඇති ක්‍රිමියාවේ අර්ධද්වීපයේ සිට දකුණට දියත් කර තිබෙනවා.

යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ බලකායේ අණදෙන නිලධාරියා පැවසුවේ, රුසියානු කඩාකප්පල්කාරීන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සුමි කලාපයේ ඊසානදිග දේශසීමාව හරහා ගොස් සිවිල් යටිතල පහසුකම්වලට පහරදීමට ගත් උත්සාහයක් යුක්රේනය ව්‍යර්ථ කළ බවයි.

අල්ජසීරා මාධ්‍ය වාර්තා කරන පරිදි යුක්‍රේන සහ රුසියානු යුද්ධයේ ගතවන 597 වැනි දිනය වන විට යුදමය තත්ත්වයෙහි නවතම සිදුවීම් දාමය ඉහත පරිදි වාර්තා කළ හැකි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56