spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුෂ්ඩිට එල්ල වූ අමානුෂික පිහි ප්‍රහාරය ජගත් සංවිධානයේ මහ ලේකම් හෙළා දකී

ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිට එල්ල වූ අමානුෂික ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හෙළාදැක තිබෙනවා.

මහ ලේකම්වරයා පවසන්නේ පුද්ගලයෙකු වාචිකව හෝ ලිඛිතව සිය අදහස් ප්‍රකාශ කිරීමේ දී ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම නුසුදුසු බවයි.

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති සාහිත්‍ය දේශයක් අතර තුර සල්මන් රුෂ්ඩි පිහි ප්‍රහාරයකට ලක්වූ අතර, අනතුරුව ඔහු ගුවන් මඟින් රෝහල් ගත කිරීමටයි පියවර ගැනුණේ.

ප්‍රහාරය සිදුකළ 24 හැවිරිදි සැකකරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ඉරානයේ දී අනතවාදී සංවිධානයකට සම්බන්ධ බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

සල්මන් රුෂ්ඩි විසින් ලියා පලකරන ලද ආන්දෝලනාත්මක කෘති කහිපයක් හේතුවෙන් ඔහුට ජීවිත තර්ජන එල්ල වී තිබූ බවට තොරතුරු වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඔහු ගතකර ඇත්තේ රහසිගත ජීවිතයක්.

පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ රුෂ්ඩිගේ එක් ඇසක් අහිමිව යාමේ අවදානමක් පවතින බවයි ඔහුට ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?