රිවොල්වරයක් සමඟ තරුණයෙක් STF අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වරයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීටියාගොඩ, උඩුමුල්ල, කළුපේ ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු තැනැත්තා 24 හැවිරිදි වියේ පසුවන කළුපේ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.