රාහුල් ගාන්ධිට සිර දඬුවම්

කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ සූරත්හි අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 2019 වසරේ ගොනු කළ සාපරාධී අපහාස නඩුවක වරදකරු වීම හේතුවෙනුයි ඔහුට මෙම දඬුවම නියම වී ඇත්තේ.

කෙසේ වෙතත්, ඔහුට ඇප නියම වූ අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ දීම සඳහා ඔහුගේ සිර දඬුවම දින 30කට අත්හිටුවා තිබෙනවා.

සියලු සොරුන්ට මෝඩි යන පොදු වාසගම ඇත්තේ කෙසේද? යනුවෙන් කළ ප්‍රකාශයට එරෙහිව භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝදි විසින් මෙම නඩුව පවරා තිබුණා.

2019 ලෝක් සභා මැතිවරණයට පෙර කර්නාටකයේ කෝලාර් හි පැවති රැලියක් අමතමින් රාහුල් ගාන්ධි මේ බව ප්‍රකාශ කළේ, පලාගිය ව්‍යාපාරිකයන් වන නිරාව් මෝඩි සහ ලලිත් මෝඩිගේ වාසගම සම්බන්ධයෙන් අගමැති මෝදි ද ඉලක්ක කරමින්.

නඩු තීන්දුව ප්‍රකාශ කෙරෙන අවස්ථාව සඳහා ගාන්ධි මහතා ඊයේ සූරත් වෙත පැමිණි අතර කොන්ග්‍රසයේ ගුජරාට් ඒකකයේ ඉහළ නායකයින් විසින් ඔහු පිළිගනු ලැබුවා.

ගාන්ධි මහතාට සහයෝගය දැක්වීමක් ලෙස නගරයේ විවිධ ස්ථානවලට පක්ෂයේ ආධාරකරුවන් සහ සාමාජිකයින් පැමිණ සිටි අතර, ඔහුව ‘ෂෙර්-ඊ-හින්දුස්තාන්’ (ඉන්දියාවේ සිංහයා) ලෙස ප්‍රශංසා කරන ලද පෝස්ටර් ද ප්‍රදර්ශනය කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව ගාන්ධි මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවසන් වරට සූරත් අධිකරණයට පැමිණ ඇත්තේ 2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදීයි.

භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී පූර්ණේෂ් මෝදි සිය පැමිණිල්ලෙන් චෝදනා කළේ ගාන්ධි මහතා 2019 මැතිවරණ රැලිය අමතමින් සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කළ බවයි.

පූර්ණේෂ් මෝදි, භූපේන්ද්‍ර පටෙල් රජයේ පළමු ධූර කාලයේ ඇමැතිවරයකු වූ අතර දෙසැම්බර් මැතිවරණයේදී ඔහු සූරත් බටහිර සභා ආසනයෙන් නැවත තේරී පත් වුණා.

ගාන්ධි මහතාගේ නීතිඥවරයා අධිකරණයේ කටයුතු ආරම්භයේ සිටම මෙම නඩුව දෝෂ සහිත බවට තර්ක කළ අතර ගාන්ධිගේ කතාවේ ප්‍රධාන ඉලක්කය අගමැතිවරයා වූ බැවින් නඩුවේ පැමිණිලිකරු විය යුතුව තිබුණේ අගමැති නරේන්ද්‍ර මෝදි මිස මන්ත්‍රී පූර්ණේෂ් මෝඩි නොවන බවටයි නීතිඥවරයා තර්ක කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46