රාමසාන් උපවාස සමය සියලු වාර්ගිකයන් හා සතුට බෙදාගන්නා කාලයක් බව කථානායක කියයි

මෙරට රාමසාන් උපවාස සමය මුස්ලිම් භක්තිවන්තයන්ට පමණක් සතුට ගෙන දෙන මාසයක් නොව ඔවුන්, සියලු වාර්ගිකයන් හා සතුට බෙදාගන්නා කාලයක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

රාමසාන් දිනය වෙනුවෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම මානවයන් ලෙස අප අතර ප්‍රචලිත අනර්ඝ ගුණ දහම්වන සමාව දීමට, ඉවසීම ප්‍රගුණ කිරීමට හා වෙනත් කාරුණික ක්‍රියාකාරකම්වලට ද මෙම මාසය වෙන්ව ඇති බවයි ඔහු දන්වා සිටින්නේ.

මාසයක කාලයක සිට උපවාස කිරීමෙන් අනතුරුව අද (22) දිනයේ රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය සමරණ මෙරට සහ ලොව සියලු ඉස්ලාම් බැතිමතුන් වෙත තම හෘදයාංගම සුභාශීංසනය එක් කරන බවයි කථානායකවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කථානායවරයාගේ රාමසාන් දින පණිවුඩය,

“මසක් තිස්සේ උපවාස කිරීමෙන් අනතුරුව අද (22) උත්සවාකාරයෙන් රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය සමරන මෙරට සහ ලොව සියලු ඉස්ලාම් බැතිමතුන් වෙත මාගේ හෘදයාංගම සුභාශීංසනය ප්‍රථමයෙන්ම එක් කරනු කැමැත්තෙමි.

අප කවුරුත් දන්නා පරිදි රාමසාන් මස ශ්‍රි ලාංකිකයන් හඳුන්වන්නේ නෝම්බු මාසය ලෙසය.නව සඳ දැකීමෙන් ඇරැඹෙන උපවාස සමය ෂව්වාල් මස උදාවෙන් අවසන් වේ. මෙම මාසය අල්ලාහ් දෙවියන් විසින් මුස්ලිම් බැතිමතුන්ට අනිවාර්ය කරන ලද සිවුවැනි වගකීම ඉටු කිරීමේ මෙන්ම පරිත්‍යාග කිරීමේ මාසය ලෙසද හැඳින්වීමෙන් තවත් සුවිශේෂී එකක් බවට පත්වෙයි. රාමලාන් මස, හුදෙක් උපවාසය සඳහා, කුසගින්න දරාගැනීම සඳහා පමණක් වෙන්වූ මාසයක් නොවන්නේ එහෙයිනි. සිය දිනපතා කටයුතු සාමාන්‍ය ලෙස ඉටු කරමින්, ආගමික කටයුතුවලට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන්නටද මෙම මාසයේ නියමිතය. මානවයන් ලෙස අප අතර ප්‍රචලිත අනර්ඝ ගුණ දහමි වන සමාව දීමට, ඉවසීම ප්‍රගුණ කිරීමට හා වෙනත් කාරුණික ක්‍රියාකාරකම්වලට ද මෙම මාසය වෙන්ව ඇත්තේය. එනමුත්, බොරු කීමත්, එසේ හැසිරීමත් අත් නොහරින්නේ නම් ඔහු නොකා -නොබී උපවාසය රැකීමෙන් පලක් නැති බවද, අල්ලාහ් ඒ උපවාසය පිළි නොගන්නා බවද එවැනි උපවාසයෙන් අල්ලාහ් ඈත් වන්නේය යන්නද මුහම්මද් නබිතුමාණන්ගේ ඉගැන්වීමයි.

මෙරට රාමසාන් උපවාස සමය යනු මුස්ලිම් භක්තිවන්තයන්ට පමණක් සතුට ගෙන දෙන මාසයක් නොව ඔවුන්, සියලු වාර්ගිකයන් හා සතුට බෙදාගන්නා කාලයක් ලෙස සැලකීම නිවැරදි බව මගේ හැඟීමයි. විශේෂයෙන්ම එකිනෙකා සමඟ ආහාර බෙදාගැනීමේ විචිත්‍රවත් සංස්කෘතියකට ශ්‍රී ලාංකික අපි උරුමකමි කියන්නෙමු. රාමසාන් උපවාස මාසයෙහි මුස්ලිම් බැතිමතුන් උපවාසය අත්හැරීමට පිළියෙළ කරන කැඳ වර්ග අප කා අතරත් ජනප්‍රියය. එසේම, රාමසාන් උපවාස සමය අවසන්
කිරීමේදී මෙරට මුස්ලිම් ප්‍රජාව ගන්නා ආහාර- පාන අතරින් විශේෂයෙන්ම වටලප්පන්, බිරියානි, මුස්ලිම් සම්ප්‍රදායට අනුව සාදන රස කැවිලි සහ අතුරුපස වර්ග අනෙක් අසල්වැසියන් අතරද හුවමාරු කරගැනීම ලාංකික අපේ සාමාන්‍ය සිරිතයි.

මේ සියල්ලෙන් අපට පෙනී යන්නේ, අතිශය අසීරු ව්‍රෘතයක් රැක හමාර කරන ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමට ඇති දැඩි භක්තිය සහ ඉවසීම සියලු ආගම් අදහන්නන්ට සිය අන්‍ය දෛනික ක්‍රියාකාරකම්වලටද සිය දිවියට ද ආදේශ කරගත හැකි බවයි. තනි පුද්ගල අභිවෘද්ධීය පමණක් නොතකා සාමූහික සමාජයීය අගයන් ඉහළ නැංවීම උදෙසා බිහිවුණු මෙවන් උත්සව ශ්‍රී ලංකාවෙහි සහනශීලී ආගමික වටපිටාවක් නිර්මාණයවීමේ පදනම සපයනු ඇතැයි යන්න අපගේ අවංක බලාපොරොත්තුවයි.
ඉස්ලාමි ආගමට භක්තිවන්ත ඔබ සැමට ප්‍රීතිමත් රාමසාන් උත්සවයකට ආසිරි වේවා!”

මෙයට,
මහින්ද යාපා අබේවර්ධන,
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57