රාජ සභා ගොඩනැගිල්ල කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිට බරපතල වැඩ සහිත සිර දඬුවම්

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරා විද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල” කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු 5 දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 3ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

කුරුණෑගල මහාධිකරණය විසිනුයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මෙම සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගියදා මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනුකරනු ලැබුවා.

13 වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දමා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2020 වසරේදී පොලීසියට පැමිණිලි කරනු ලැබුවා.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙම ගොඩනැගිල්ල නගරයේ සංවර්ධන කටයුතු සඳහා යැයි කියමින් කඩා දමා තිබුණේ කුරුණෑගල මහ නගර සභාව විසින්.

ඒ අනුව කුරුණෑගල නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා 05 ක් යටතේ නඩු පැවරුණා.

ඊට අදාළව පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව අද කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් එහි තීන්දුව ලබා දුන්නා.

සිර දඬුවමට අමතවර චෝදනා 05කට අදාළව හානි පූර්ණය වශයෙන් රුපියල් 13,700,000ක් ගෙවීමට ද නියම කර තිබෙනවා.

  1. කුරුණෑගල හිටපු නගරාධිපති – තූෂාර සංජිව විතාරණ, වසර 03 ක සිරදඬුවම්, රුපියල්. 125,000/- දඩ.
  2. නාගරික කොමසාරිස්- ප්‍රදිප් නිශාන්ත තිලකරත්න, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125,000/- දඩ.
  3. කුරුණෑගල නාගරික ඉන්ජිනේරු – චමින්ද බංඩාර අධිකාරි, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125,000/- දඩ.
  4. කුරුණෑගල වැඩ අධිකාරි- ඉලාදු මින් සූල්පිකා, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125,000/- දඩ.
  5. බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු – ලක්ෂ්මන් ප්‍රියන්ත, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125000/- දඩ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
0
+1
98
+1
3
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00