Fly high Get bonus Aviator Phone

රාජ සභා ගොඩනැගිල්ල කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිට බරපතල වැඩ සහිත සිර දඬුවම්

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරා විද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල” කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු 5 දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 3ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

කුරුණෑගල මහාධිකරණය විසිනුයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මෙම සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගියදා මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනුකරනු ලැබුවා.

13 වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දමා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2020 වසරේදී පොලීසියට පැමිණිලි කරනු ලැබුවා.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙම ගොඩනැගිල්ල නගරයේ සංවර්ධන කටයුතු සඳහා යැයි කියමින් කඩා දමා තිබුණේ කුරුණෑගල මහ නගර සභාව විසින්.

ඒ අනුව කුරුණෑගල නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා 05 ක් යටතේ නඩු පැවරුණා.

ඊට අදාළව පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව අද කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් එහි තීන්දුව ලබා දුන්නා.

සිර දඬුවමට අමතවර චෝදනා 05කට අදාළව හානි පූර්ණය වශයෙන් රුපියල් 13,700,000ක් ගෙවීමට ද නියම කර තිබෙනවා.

  1. කුරුණෑගල හිටපු නගරාධිපති – තූෂාර සංජිව විතාරණ, වසර 03 ක සිරදඬුවම්, රුපියල්. 125,000/- දඩ.
  2. නාගරික කොමසාරිස්- ප්‍රදිප් නිශාන්ත තිලකරත්න, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125,000/- දඩ.
  3. කුරුණෑගල නාගරික ඉන්ජිනේරු – චමින්ද බංඩාර අධිකාරි, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125,000/- දඩ.
  4. කුරුණෑගල වැඩ අධිකාරි- ඉලාදු මින් සූල්පිකා, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125,000/- දඩ.
  5. බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු – ලක්ෂ්මන් ප්‍රියන්ත, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125000/- දඩ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
0
+1
98
+1
3
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?