කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරා විද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල” කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු 5 දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 3ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
කුරුණෑගල මහාධිකරණය විසිනුයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.
මෙම සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගියදා මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනුකරනු ලැබුවා.
13 වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දමා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2020 වසරේදී පොලීසියට පැමිණිලි කරනු ලැබුවා.
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙම ගොඩනැගිල්ල නගරයේ සංවර්ධන කටයුතු සඳහා යැයි කියමින් කඩා දමා තිබුණේ කුරුණෑගල මහ නගර සභාව විසින්.
ඒ අනුව කුරුණෑගල නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා 05 ක් යටතේ නඩු පැවරුණා.
ඊට අදාළව පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව අද කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් එහි තීන්දුව ලබා දුන්නා.
සිර දඬුවමට අමතවර චෝදනා 05කට අදාළව හානි පූර්ණය වශයෙන් රුපියල් 13,700,000ක් ගෙවීමට ද නියම කර තිබෙනවා.
- කුරුණෑගල හිටපු නගරාධිපති – තූෂාර සංජිව විතාරණ, වසර 03 ක සිරදඬුවම්, රුපියල්. 125,000/- දඩ.
- නාගරික කොමසාරිස්- ප්‍රදිප් නිශාන්ත තිලකරත්න, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125,000/- දඩ.
- කුරුණෑගල නාගරික ඉන්ජිනේරු – චමින්ද බංඩාර අධිකාරි, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125,000/- දඩ.
- කුරුණෑගල වැඩ අධිකාරි- ඉලාදු මින් සූල්පිකා, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125,000/- දඩ.
- බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු – ලක්ෂ්මන් ප්‍රියන්ත, වසර 03 සිර දඩුවම්, රුපියල්. 125000/- දඩ.














මහ අධිකරනය විසින් දී තිබෙන දඩුවම හොද උවත් මානම් සිතන්නේ මීටවඩා දඩුවම් දෙන්න තිබුනේ වසර 5 ක් වත්
Oay dunnu daduwama hodai habai kriyath maka wei da danne nha.
Surudu 10yakata hireata yawanna thibune para hattha mun apage urumaya vinasa keruwa..koo joniya okawath hireta yawanna thibuna😡😡