රාජිතගෙන් කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීරණය කළා.

ඒ, අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් අගෝස්තු මස 07 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් කර තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නොතිසි නිකුත් කරන ලෙසත් අධිකරණය නියම කරනු ලැබුවා.

මෙම පෙත්සම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රාජිත සිනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත්, එය මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළා.

එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු මහේස්ත්‍රත්වරිය විසින් ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඒ, අනුව මහේස්ත්‍රත්වරියගේ මෙම නියෝගය ඇප පනතේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවත්, ඒ අනුව එය ප්‍රතිශෝධනය කර තම සේවාදායකයා ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙසත්, ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කරනු ලැබුවා.

මෙම පෙත්සමට අදාළ නොතිසි නිකුත් කර විභාගයක් පවත්වනතුරු තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය වග උත්තරකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීන්දු කළා.

ඒ, අනුව පෙත්සම යළි අගෝස්තු මස 07 වනදා කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43