රාජ්‍ය රහස් හෙළි කළ ඉම්රාන් ඛාන්ට ඇප

රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධ නඩුවකට පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඇප ලබා දී තිබෙනවා.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන ජාතික මැතිවරණයට පෙර ලැබුණු මෙම නිදහස ඔහුගේ පක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් විය හැකි කරුණක් බවයි.

71 හැවිරිදි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා 2022 වසරේ අප්‍රේල් මාසයේදී අගමැති ධුරයෙන් නෙරපා හරින ලද දා සිට දේශපාලන හා නීතිමය කරුණු ගණනාවකට පැටලී තිබෙනවා.

2018 සිට 2022 දක්වා කාර්යාලයේ සිටියදී විදෙස් රටවලින් ලැබුණු රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් ඔහු අගෝස්තු මාසයේදී වසර තුනකට සිරගත වූ දා සිට ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ නැහැ.

ඔහුට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ගණන නිසා ඉම්රාන් ඛාන් සිරෙන් නිදහස් වන්නේ කවදාද යන්න පැහැදිලි නොමැති බවයි ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයෙකු වන සල්මන් සෆ්දාර්, නඩු විභාගයෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඛාන්ට සහ ඔහුගේ නියෝජ්‍ය පක්ෂ නායක ෂා මහමුද් කුරේෂිට පකිස්ථාන රුපියල් මිලියනයක (ඩොලර් 3,600) බැගින් වූ ඇප බැඳුම්කරවලට යටත්ව ඇප ලබා දී තිබෙනවා.

රාජ්‍ය රහස් චෝදනාව පසුගිය වසරේ වොෂින්ටනයේ පකිස්ථාන තානාපතිවරයා විසින් ඉස්ලාමාබාද් වෙත යවන ලද රහසිගත කේබලයකට සම්බන්ධ වන අතර, එය ප්‍රසිද්ධියට පත් කළ බවට ඛාන්ට චෝදනා එල්ල වුණා. ඔහු චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ අදාළ ලිපිවල අන්තර්ගතය වෙනත් මූලාශ්‍රවලින් මාධ්‍යවල පළ වූ බව පවසමින්.

ඉම්රාන් ඛාන් දූෂණ චෝදනා හේතුවෙන් පෙබරවාරි 8ට නියමිත ජාතික මැතිවරණයට තරඟ කිරීමට නුසුදුස්සෙකු වන අතර එය අත්හිටුවීමට මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු ඉරිදා දිනට පෙර සිය නාමයෝජනා පත්‍ර ගොනු කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහුගේ පක්ෂය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16