රාජ්‍ය ඇමති සනත් නිශාන්තට එරෙහි පෙත්සම් යළි කැඳවීමට නියෝග

අධිකරණයට අපහාස කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 03ක් සැප්තැම්බර් මස 27 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිට කිරීමට අවශ්‍ය බවයි.

එම අවස්ථාවේදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ එවැනි පරීක්ෂණයකින් තොරව මෙම පෙත්සම පවත්වාගෙන යාමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 27 යලි කැඳවන ලෙසද නියෝග කෙරුණා.

ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනා සහ ශ්‍රී ලංකා අධික නිලධාරීන්ගේ සංගමය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය 2022 වසරේ අගෝස්තු මස 23 වන දා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත අරගලකරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය විවේචනය කර තිබූ බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43