රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට තර්ජනාත්මක පණිවිඩ යැවූ සැකකරු රිමාන්ඩ්

අරගලය පැවති සමයේ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යැවීම සහ ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක පල කිරීම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු අගෝස්තු මස 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාඋල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අරගලය සමයේ මෙම සැකකරු රාජ්‍ය අමාත්‍යවරයාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යොමු කර ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම ෆේස්බුක් ඔස්සේ මෙම සැකකරු අමාත්‍යවරයාට එරෙහිව තර්ජනාත්මක පල කිරීම් සිදුකර ඇතැයි සඳහන් කළ ජේෂ්ඨ රජයේ නීතිඥවරයා පුද්ගලයින්ට අදහස් පළකිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවී තිබුණත් එය නීති විරෝධී ආකාරයට පරිහරණය කිරීමට අවකාශ නොමැති බවත් පෙන්වා දුන්නා.

මෙම ක්‍රියාව තුළින් සැකකරු පාර්ලිමේන්තු වරප්‍රසාද පනතද උල්ලංඝනය කර තිබෙන බවයි රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

මෙම ක්‍රියා තුළින් සැකකරු ඇප පනතේ විධිවිධාන ද උල්ලංඝනය කර තිබෙන හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙසත් ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ සැකකරු අගෝස්තු මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30