පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් කැඳවීමක් කර තිබෙනවා.
ඒ, අනුව හෙට (29) දිනයේ දී එම කොමිෂන් සභාව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ.
මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයට නිලධාරීන් පස්දෙනෙකු බදවාගෙන ඔවුන් තම පුද්ගලික කටයුතු සදහා යෙදවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහුව මෙලෙස එම කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.













