රඹුක්කන පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම් දීමක්

අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයක් විසුරුවා හැරීමේදී පොලිස් වෙඩි තැබීමකින් කේ.ඩී. චමින්ද ලක්ෂාන් නමැති පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම සිද්ධියෙන් අගතියට පත් ගම්වාසීන් පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෂනිල් කුලරත්න මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලැබූ බවයි.

සිද්ධිය සිදු වී මේ වන විට වසර එකහමාරකට අධික කාලයක් ගත වී තිබුණ ද වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව මේ දක්වා නීතිමය පියවරක් ගෙන නොමැති බවත් එම නීතිඥවරුන් පෙන්වා දුන්නා.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ ගිනි අවි, වීඩියෝ දර්ශන සහ අනෙකුත් නඩු භාණ්ඩ විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.

එම විමර්ශන වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම සිද්ධියට අතරතුර පොලිස් නිලධාරීන් 21 දෙනෙකු තුවාල ලැබූ බව ද සඳහන් කළා.

මෙහිදී විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් අදාළ විමර්ශන වාර්තා කඩිනමින් ගෙන්වාගෙන නොපමාව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ සීමිත විරෝධතා අද දින සිට සති හයක් තුළ ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා නැවත නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

2022 වසරේ අප්‍රේල් මස 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණයකදී පොලිස් වෙඩි පහරින් කේ.ඩී. චමින්ද ලක්ෂාන් නැමැති දෙදරු පියෙකු මරණයට පත් වී තවත් පිරිසක් තුවාල ලැබීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කර ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06