“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියේ තෙවන මුද්‍රණය ජනපතිට (ඡායාරූප)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා විසින් රචිත “රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියෙහි තෙවන මුද්‍රණය ඒ මහතා විසින් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවිය අලලා ලියවුණු මෙම කෘතිය 2017 වසරේ දී යි පළමුවරට එළිදැක් වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තීක්ෂණ අබේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?